YouVersion Logo
Search Icon

ගීතාවලිය 3

3
ගීතාවලිය 3
දාවිත්ගේ ගීතයකි. තම පුත් අබ්සලොම් වෙතින් පලා ගිය විටදී.
1මට එදිරිවාදීන් බොහොමයක් ය, අහෝ ස්වාමින්වහන්ස,
මට එරෙහිව නැගිට එන්නෝ බොහෝ දෙනෙක් ය!
2බොහෝ දෙනා මා ගැන කියන්නේ,
“දෙවියන්වහන්සේ ඔහුට පිහිට වන්නේ නැත” කියා ය. සෙලා#3:2 ගීතිකා ගණනාවක හමුවන අර්ථය තිර ලෙස ම නො දන්නා වචනයකි. සංගීතමය සංකේතයක් විය හැක.
3එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය;
මගේ තේජස ද මගේ හිස ඉහළට ඔසවන්නා ද ඔබ ය;
4හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි;
තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා
5මම වැතිර නිදි සුව ලබමි.
නිදි ලැබ මා යළි පිබිදෙන්නේ, ස්වාමින්වහන්සේ මා ඉසිලූ බැවිනි.
6ගණනින් සතුරන් දස දහසින්, වට කොට ගත්තත් මා දසතින්,
මම බය නො වෙමි.
7අහෝ ස්වාමින්වහන්ස, නැගිටිනු මැනවි!
අහෝ මගේ දෙවියන්වහන්ස, මා ගැලෙවුව මැනවි!
ගසනු මැනවි හක්කට මගේ සියලු සතුරන්ගේ;
කඩනු මැනවි දත් දුර්ජනයින්ගේ.
8මිදීම එන්නේ ස්වාමින්වහන්සේ වෙතින් ය,
ඔබගේ ආශිර්වාද ඔබේ ම ජනයා පිට වේවා! සෙලා

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ගීතාවලිය 3