ගීතාවලිය 3:1-6
ගීතාවලිය 3:1-6 SCV
මට එදිරිවාදීන් බොහොමයක් ය, අහෝ ස්වාමින්වහන්ස, මට එරෙහිව නැගිට එන්නෝ බොහෝ දෙනෙක් ය! බොහෝ දෙනා මා ගැන කියන්නේ, “දෙවියන්වහන්සේ ඔහුට පිහිට වන්නේ නැත” කියා ය. සෙලා එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය; මගේ තේජස ද මගේ හිස ඉහළට ඔසවන්නා ද ඔබ ය; හඬ නගා ස්වාමින්වහන්සේට මම යදින්නෙමි; තමන් ශුද්ධ කන්දේ සිට උන්වහන්සේ මට පිළිසරණ වෙති. සෙලා මම වැතිර නිදි සුව ලබමි. නිදි ලැබ මා යළි පිබිදෙන්නේ, ස්වාමින්වහන්සේ මා ඉසිලූ බැවිනි. ගණනින් සතුරන් දස දහසින්, වට කොට ගත්තත් මා දසතින්, මම බය නො වෙමි.





