ගීතාවලිය 3:1-3
ගීතාවලිය 3:1-3 SCV
මට එදිරිවාදීන් බොහොමයක් ය, අහෝ ස්වාමින්වහන්ස, මට එරෙහිව නැගිට එන්නෝ බොහෝ දෙනෙක් ය! බොහෝ දෙනා මා ගැන කියන්නේ, “දෙවියන්වහන්සේ ඔහුට පිහිට වන්නේ නැත” කියා ය. සෙලා එහෙත් ස්වාමින්වහන්ස, මා සුරකින පලිහ ඔබ ය; මගේ තේජස ද මගේ හිස ඉහළට ඔසවන්නා ද ඔබ ය





