ගීතාවලිය 28:7-9
ගීතාවලිය 28:7-9 SCV
ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය, මගේ පලිහ ය; මගේ මුළු හදින් ම උන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි. එබැවින් දැන් පිහිට ලබමි; මගේ හද ප්‍රීතියෙන් පිනා යයි; මම ගී ගයමින්, උන්වහන්සේට තුති පුදමි. ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ ජනයාගේ ශක්තිය ය; උන්වහන්සේගේ ආලේපය ලද්දාණන්ට ගැලවීමේ බළකොටුව ය. අහෝ, ඔබගේ ජනයා ගැලෙවුව මැනව; ඔබගේ උරුමය වූ ජනයාට ආශිර්වාද කළ මැනව; ඔවුන්ගේ එඬේරාණන් වී, සදහට ම ඔවුන් උසුලා, ගෙන ගිය මැනව.







![[Songs of Praise] Now This Is the Music ගීතාවලිය 28:7-9 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F48538%2F1440x810.jpg&w=3840&q=75)


