YouVersion Logo
Search Icon

ගීතාවලිය 27:7-10

ගීතාවලිය 27:7-10 SCV

මා හඬ ගසනා කල, මට සවන් දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, මට දයානුකම්පා වී, මට උත්තර දුන මැනව. ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය; ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි. මා වෙතින් ඔබේ මුහුණ නො සැඟවුව මැනව; කෝපයෙන් ඔබේ මෙහෙකරුවා පලවා නො හැරිය මැනව; කවදත් මගේ උපකාරයට සිටියේ ඔබ ය. මා බැහැර නො කළ මැනව, මා අතහැර නො දැමුව මැනව, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්ස. මගේ මවත්, පියාත් මා අත්හැර දමන්නේ වුව ද, ස්වාමින්වහන්සේ මා පිළිගන්නා සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 27:7-10