ගීතාවලිය 22:22-25
ගීතාවලිය 22:22-25 SCV
මගේ සහෝදරයින්ට ඔබගේ නාමය මම ප්‍රකාශ කරන්නෙමි; සභාව මධ්‍යයයේ මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න; යාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, උන්වහන්සේට ගෞරව කරන්න; ඉශ්‍රායෙල් වංශික සියල්ලෙනි, උන්වහන්සේට බුහුමන් දක්වන්න. හිංසා-පීඩා ලද්දාණන්ගේ දුක් පීඩා ගැන උන්වහන්සේ ගර්හා කළේවත්, පිළිකුල් කළේවත් නැත, ඔහු වෙතින් තම මුහුණ සඟවා ගත්තේ ද නැත; පිහිට ඉල්ලූ කල, ඔහුගේ මොර ගැසීමට උන්වහන්සේ සවන් දුන් සේක. මහා එක් රැස්වීමේ මගේ ප්‍රශංසාවේ තේමාව පැමිණෙන්නේ ඔබ වෙතින් ම ය; ඔබට භය පක්ෂපාතවූවන් ඉදිරියේ මම මගේ භාර ඉටු කරන්නෙමි.





