ගීතාවලිය 142
142
ගීතාවලිය 142
දාවිත්ගේ මස්කීල්#142:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි. ඔහු ගුහාවේ සිටි කල. යාච්ඤාවකි.
1මගේ කටහඬින් මම ස්වාමින්වහන්සේට මොර ගසමි;
මගේ කටහඬින් මම ස්වාමින්වහන්සේට කන්නලව් කරමි.
2මගේ දුක්-ගැනවිල්ල මම උන්වහන්සේ ඉදිරියේ වගුරුවමි;
මගේ කරදර මම උන්වහන්සේ ඉදිරියේ පවසමි.
3මගේ ආත්මය මා තුළ මැලවී, මා අධෛර්යට පත් වූ කල,
මගේ මාර්ගය දන්නේ ඔබ ය.
මා ගමන් ගන්නා මාවතෙහි
මිනිස්සු රහසේ මට උගුලක් ඇටවූහ.
4මගේ දකුණු පැත්තට නෙත් හෙළා, බලන්න,
මා ගැන සැලකිල්ලක් දක්වන කෙනකු නැත;
පිළිසරණක් මට ඉතිරි ව නැත.
මගේ ජීවිතය ගැන තකන කෙනකු නැත.
5මම ඔබට මොර හඬ දෙමි අහෝ ස්වාමින්වහන්ස;
මා කියන්නේ, “මගේ සරණය ඔබ ය;
ජීවතුන්ගේ දේශයේ මගේ උරුම කොටස ද ඔබ ය” කියා ය.
6මගේ මොර ගෑමට කන් දෙන්න,
මන්ද, මම බෙහෙවින් වික්ෂිප්ත ව සිටිමි;
මා ලුහුබඳිනාවුන්ගෙන් මා මුදා ගත මැනව,
මන්ද ඔවුන් මට වඩා බොහෝ බලවත් ය.
7ඔබගේ නාමයට මා ස්තුති කරන පිණිස
මගේ සිර ගෙයින් මා නිදහස් කළ මැනව;
එවිට ඔබ මට පෑ ත්‍යාගශීලීත්වය නිසා,
ධාර්මිකයෝ මා වටා රොක් වනු ඇත.
Currently Selected:
ගීතාවලිය 142: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: