YouVersion Logo
Search Icon

ගීතාවලිය 14:1-7

ගීතාවලිය 14:1-7 SCV

අඥානයා, “දෙවි කෙනකු නැතැ” යි තමන්ට ම කියා ගනී. ඔවුහු දූෂිතයෝ ය; ඔවුන්ගේ ක්‍රියා අධම ය. යහපත කරන කිසි කෙනකු නැත. ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට මිනිස් වර්ගයා දෙස පහත බලන සේක; එසේ බලන්නේ, බුද්ධිමත් කෙනකු වේ ද, දෙවියන්වහන්සේ සොයන කෙනකු වේ දැයි බලන පිණිස ය. සියල්ලන් නොමගට හැරී ගොසිනි; සැවොම එක සේ දූෂිත ව ඇත. යහපත කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත. දුෂ්ටකම් කරන්නන්ට වැටහීමක් නැති ද? මිනිසුන් රොටි බුදින්නාක් මෙන්, මගේ ජනයා කා දමන ඔවුහු ස්වාමින්වහන්සේට අයැදුම් නො කරති. අන්න, ඔවුන් භීතියෙන් මුසපත් ව. මන්ද දෙවියන්වහන්සේ දමිටුන්ගේ සමාජයෙහි වන බැවිනි. දුෂ්ටකම් කරන්නෙනි, නුඹලා පීඩිතයින්ගේ සැලසුම් භංග කරතත්, ස්වාමින්වහන්සේ ඔවුන්ගේ පිළිසරණය ය. අහෝ! ඉශ්‍රායෙල්වරුන්ගේ ගැලවීම, සියොන වෙතින් පැමිණුනහොත් යහපති. ස්වාමින්වහන්සේ තම ජනයාගේ භාග්‍යය යළි ස්ථාපිත කළ කල, යාකොබ් ප්‍රීති වෙත්වා, ඉශ්‍රායෙල් ප්‍රමෝද වෙත්වා!

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 14:1-7