ගීතාවලිය 14:1-3
ගීතාවලිය 14:1-3 SCV
අඥානයා, “දෙවි කෙනකු නැතැ” යි තමන්ට ම කියා ගනී. ඔවුහු දූෂිතයෝ ය; ඔවුන්ගේ ක්‍රියා අධම ය. යහපත කරන කිසි කෙනකු නැත. ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට මිනිස් වර්ගයා දෙස පහත බලන සේක; එසේ බලන්නේ, බුද්ධිමත් කෙනකු වේ ද, දෙවියන්වහන්සේ සොයන කෙනකු වේ දැයි බලන පිණිස ය. සියල්ලන් නොමගට හැරී ගොසිනි; සැවොම එක සේ දූෂිත ව ඇත. යහපත කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.





