YouVersion Logo
Search Icon

ගීතාවලිය 139:13-18

ගීතාවලිය 139:13-18 SCV

මගේ අභ්‍යන්තර කොටස් නිමැවූයේ ඔබ ය. මගේ මව් කුස තුළ මා හැඩගැස්සුවේ ඔබ ය. මහා භයානක ලෙසත්, පුදුමාකාර ලෙසත් මා තනා ඇති බැවින් මම ඔබට ප්‍රශංසා කරමි. ඔබගේ වැඩ පුදුමාකාර ය; මගේ ජීවය හොඳින් ඒ වග දනී. රහසේ මා සැදුම් ලබන කල, පොළෝ ගැඹුරේ දුරවබෝධ ව මා නිර්මිත වන කල, මගේ සැකිල්ල ඔබගෙන් සැඟවී තිබුණේ නැත. මගේ රූපකාය සෑදෙන්නටත් පෙර, ඔබගේ ඇසට මා පෙනුණි; මා උදෙසා නිර්මිත දවස් ගණන, ඒ එකකුදු උදාවන්නටත් පෙර, ඔබගේ පොතේ ලියනු ලැබිණ. ඔබගේ සිතුවිලි මට කොතරම් අනර්ඝ ද! අහෝ දෙවියන්වහන්ස, ඒවායේ මුළු ගණන කොතරම් අපරිමිත ද! මම ඒවා ගණන් කරම් ද? ඒවා පොළොවේ වැලිවලටත් වඩා වැඩි ය. මා අවදි වන කල, මෙන්න, මා තවමත් ඔබ සමඟ ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 139:13-18