ගීතාවලිය 139:11-14
ගීතාවලිය 139:11-14 SCV
“අඳුර සැබවින් ම මා සඟවා ගනීවි; මා වටා ඇති එළිය අඳුරට හැරේවි” යි මා කීවත්, අඳුර පවා ඔබට අඳුරක් නො වේ; රාත්‍රිය, ඔබ හමුවේ දහවල මෙන් බබළයි. මන්ද අන්ධකාරය හා ආලෝකය අතර වෙනසක් ඔබට නැත. මගේ අභ්‍යන්තර කොටස් නිමැවූයේ ඔබ ය. මගේ මව් කුස තුළ මා හැඩගැස්සුවේ ඔබ ය. මහා භයානක ලෙසත්, පුදුමාකාර ලෙසත් මා තනා ඇති බැවින් මම ඔබට ප්‍රශංසා කරමි. ඔබගේ වැඩ පුදුමාකාර ය; මගේ ජීවය හොඳින් ඒ වග දනී.






