ගීතාවලිය 138
138
ගීතාවලිය 138
දාවිත්ගෙනි.
1ප්‍රශංසා කරන්නෙමි මම ඔබට, මගේ මුළු හදින් ම අහෝ ස්වාමින්වහන්ස,
දෙවිවරුන් ඉදිරියෙහි ගායනා කරන්නෙමි මම ඔබගේ ප්‍රශංසාව.
2ඔබගේ ශුද්ධ දේව මාලිගය දෙසට නමස්කාර කරමින්,
ප්‍රශංසා කරන්නෙමි ඔබගේ නාමයට,
ඔබගේ නොමියෙන ප්‍රේමයත්, ඔබගේ විශ්වසනීයත්වයත් නිසා.
මන්ද ඔබ, අන් සියල්ලට ඉහළින් ඔබගේ නාමයත්,
ඔබගේ වචනයත් උසස් කළ සේක.
3හඬ ගැසූ කල මා ඔබට, උත්තර දුන් සේක ඔබ මට;
ඔබ මගේ ජීවයේ ශක්තිය වර්ධන කළ සේක.
4පොළොවේ සියලු රජවරු ඔබට ප්‍රශංසා කරත්වා!
අහෝ ස්වාමින්වහන්ස, මන්ද ඔවුන් ඔබගේ මුවෙහි වචන අසා ඇත.
5ඔවුහු ස්වාමින්වහන්සේගේ මාර්ග ගැන ගී ගයනු ඇත.
මන්ද ස්වාමින්වහන්සේගේ තේජාලංකාරය ශ්‍රේෂ්ඨ ය.
6 ස්වාමින්වහන්සේ උසස් නමුදු, උන්වහන්සේ පහත් අය සලකන සේක;
එහෙත් දුර තියාම අහංකාරීන් ගැන උන්වහන්සේ දන්නා සේක.
7කරදර මැද මා ගමන් ගන්නා නමුදු,
ඔබ මගේ ජීවිතය රක්ෂා කරන සේක.
මගේ සතුරන්ගේ උදහසට එරෙහිව, ඔබ ඔබේ හස්තය දිගු කර,
ඔබගේ දකුණු අතින් ඔබ මා ගලවන සේක.
8මා උදෙසා උන්වහන්සේගේ අරමුණු ස්වාමින්වහන්සේ ඉෂ්ට කරන සේක;
අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය,
ඔබගේ දෑතේ වැඩ අත්හැර නො දමනු මැනව.
Currently Selected:
ගීතාවලිය 138: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: