YouVersion Logo
Search Icon

ගීතාවලිය 137

137
ගීතාවලිය 137
1සියොන මතක් වූ කල, බබිලෝනි ගංගා අසබඩ හිඳගෙන;
අපි හඬා වැටුණේ,
2අපගේ වීණා
එහි වූ පොප්ලර් ගස්වල එල්ලා තබලා ය.
3මන්ද අප අල්ලාගෙන ගිය අය අපගෙන් ගීත ඉල්ලූහ;
අපට පීඩා කළ අය ප්‍රීති ගීත ගයන ලෙසට,
“හා! අපට සියොන් ගීයක් ගයාපල්ලා” යි සමච්චලයෙන් පැවසූහ.
4කෙසේ නම් අපි මේ පිට දේශයකදී
ස්වාමින්වහන්සේගේ ගීත ගයන්නෙමු ද?
5අහෝ යෙරුසලම, මට නුඹ අමතක වුවහොත්,
මගේ දකුණතට එහි හුරුකම අමතක වේවා!
6මා ඔබ සිහි නො කරම් නම්,
මගේ පරමානන්දය ලෙස
යෙරුසලම නො සලකනවා නම්,
මගේ දිව මගේ උඩු තල්ලේ ඇලේවා.
7යෙරුසලම වැටීමේ දවසේ, අහෝ ස්වාමින්වහන්ස,
“එය බිඳ දමනු; එය බිඳ දමනු අත්තිවාරම් දක්වා ම” යයි
ඒදොම්වරුන් පැවසූ හැටි
ඔවුන්ට එරෙහිව සිහි කළ මැනව.
8විනාශයට කැප එම්බා බබිලෝනි දියණිය,
නුඹ අපට කළ කම්වලට,
නුඹට පල දෙවන ඇත්තා භාග්‍යවත් ය.
9නුඹේ ළදරුවන් උදුරාගෙන,
උන් ගලේ ගසන්නා, භාග්‍යවත් ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in