ගීතාවලිය 128
128
ගීතාවලිය 128
ආරෝහණ ගීයකි.
1 ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී සියල්ලෝ,
උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරන හැම කෙනකු ම භාග්‍යවත් ය.
2ඔබගේ අත්වල මහන්සියේ පල ඔබ භුක්ති විඳිනු ඇත.
ආශිර්වාද ලබනු ඇත. ශුභ සිද්ධිය ඔබ සමඟ වන්නේ ය.
3ඔබේ බිරිඳ, ඔබේ නිවස තුළ
පලබර මිදි වැලක් මෙන් වනු ඇත.
ඔබේ මේසය වටා ඔබේ පුතුන්,
ඔලීව පැළ මෙන් වනු ඇත.
4මෙන්න මෙයයි!
ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසාගේ භාග්‍යය.
5සියොනෙහි සිට ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!
ඔබේ ජීවිතයේ සියලු දවස්හි යෙරුසලමෙහි සෞභාග්‍යය,
ඔබට දක්නට ලැබේවා!
6ඔබේ දරුවන්ගේ දරුවන් ද ඔබට දකින්නට ලැබේවා!
සාමය ඉශ්‍රායෙල් සමඟ වේවා!
Currently Selected:
ගීතාවලිය 128: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.