YouVersion Logo
Search Icon

ගීතාවලිය 126

126
ගීතාවලිය 126
ආරෝහණ ගීයකි.
1 ස්වාමින්වහන්සේ සියොනෙහි භාග්‍යය යළි පිහිටූ විට,
අප සිහිනයක් දකින්නාක් මෙන් විය.
2එය වූ කල අපේ මුව සිනහවෙන් ද
අපේ දිව් ප්‍රීති ඝෝෂාවෙන් ද පුරවන ලද්දේ ය.
එකල, ජාතීන් අතරේ මෙසේ කියනු ලැබිණ:
“මොවුන් උදෙසා ස්වාමින්වහන්සේ ඉමහත් දෑ කළ සේක.”
3 ස්වාමින්වහන්සේ අප උදෙසා ඉමහත් දෑ කළ සේක;
අප සිටින්නේ ප්‍රමෝදයෙනි.
4නෙගෙබ්හි#126:4 නෙගෙබ්හි එනම් දකුණු දිශාවේ (එය කාන්තාරමය ප්‍රදේශයකි.) දිය ඇලි සේ,
අපගේ භාග්‍යය යළි ස්ථාපිත කළ මැනවි, අහෝ ස්වාමින්වහන්ස,
5කඳුළින් යුතු ව වපුරන්නෝ,
ප්‍රීති ගීත ගයමින් අස්වනු නෙළන්නෝ ය.
6වපුරන්නට බීජ රැගෙන,
හඬ හඬා යන්නන්,
ගොයම් මිටි ගෙන,
ආපසු එන්නේ, ප්‍රීතියෙන් ගී ගයමිනි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in