YouVersion Logo
Search Icon

ගීතාවලිය 125

125
ගීතාවලිය 125
ආරෝහණ ගීයකි.
1 ස්වාමින්වහන්සේතුළ විශ්වාසය තබන්නෝ, සියොන් කන්ද වැනි ය;
එය සොලවන්නට බැරි ය; එය සදහට ම පවතී.
2කඳු, යෙරුසලම වට කොට සිටින්නාක් මෙන්
ස්වාමින්වහන්සේ මෙතැන් පටන් ඉදිරියට,
සදහට ම තම ජනයා වට කොට සිටින සේක.
3ධර්මිෂ්ඨයින් නපුරුකම් කිරීමට
ඔවුන්ගේ අත් දිගු නො කරන පිණිස,
ධර්මිෂ්ඨයිනට බෙදා වෙන් කර දී ඇති දේශය පිට
දුෂ්ටයින්ගේ ආධිපත්‍යය නො රඳන්නේ ය.
4යහපතක් ම කළ මැනව, අහෝ ස්වාමින්වහන්ස, සුදනන් හට,
හදවතේ ඍජු ගති ඇත්තවුන් හට.
5එහෙත්, වංචනික මාර්ගවලට හැරුනවුන්
දුෂ්ටකම් කරන්නන් සමඟ පලවා හැරීමට ස්වාමින්වහන්සේ සලස්වන සේක.
ඉශ්‍රායෙල්ට සාමය වේවා!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in