YouVersion Logo
Search Icon

ගීතාවලිය 124

124
ගීතාවලිය 124
ආරෝහණ ගීයකි. දාවිත්ගෙනි.
1අපේ පැත්තට සිටියේ ස්වාමින්වහන්සේ නො වේ නම්–
ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා–
2අපේ පැත්තට සිටියේ ස්වාමින්වහන්සේ නො වේ නම්,
ජනයා අපට එරෙහිව නැගී සිටි කල,
3ඔවුන්ගේ කෝපය අපට එරෙහිව ඇවුළුණු වේලේ
ඔවුන්, අප පණ පිටින් ම ගිල දමන්නට ඉඩ තිබුණි;
4එවිට, ජලගැල්මෙන් අප යටවී යන්නට තිබුණි;
ජල ප්‍රවාහයෙන් අප ගසා ගෙන යන්නට තිබුණි.
5එවිට, රුදුරු ජල කඳ අප යට කර,
අපට ඉහළින් ගලා යන්නට තිබුණි.
6ඔවුන්ගේ දත් අතරේ අප ගොදුරක් කොට නො දුන්
ස්වාමින්වහන්සේට පැසසුම් වේවා!
7අප බේරී ගියේ කුරුලු දඩයම්කරුගේ උගුලෙන්
බේරී පලා යන කුරුල්ලකු පරිද්දෙනි;
උගුල බිඳී ගියේ ය,
අපි බේරී පලා ගියෙමු.
8අපගේ උපකාරය, අහසත් පොළොවත් නිම වූ
ස්වාමින්වහන්සේගේ නාමය තුළ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 124