ගීතාවලිය 1
1
පළමු වන කාණ්ඩය
ගීතාවලිය 1–41
ගීතාවලිය 1
1දුදනන්ගේ උපදෙස් අනුව නො යන,
පවිටුන්ගේ මාර්ගයේ නො ගැවසෙන,
ගරහන්නන්ගේ ආසනයේ නො හිඳින,
මිනිසා භාග්‍යවත් ය.
2 ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීම, ඔහුගේ ප්‍රමෝදයයි.
උන්වහන්සේගේ ව්‍යවස්ථාව, ඔහු දිවා රැයේ මෙනෙහි කරයි.
3ඔහු, නිසි වාරයට පල හට ගැන්වෙන,
කොළ අතු මැලවී නො හැලෙන,
දිය පාරක් අසබඩ සිට වූ ගසක් වැන්න,
කරන කවර දෙයකදී වුව ඔහු සඵල වෙයි.
4එහෙත්, දුදනන් එසේ නො වේ;
ඔවුන් සුළඟට ගසා ගෙන යන
බොල් රොඩු හා සමාන වේ.
5එබැවින්, විනිශ්චයේදී වරදට පත් නො වී සිටින්නට දුදනන්ට නො හැක.
ධර්මිෂ්ඨයින්ගේ සමාජයෙහි පව්කරුවනට ඉඩක් නොමැත.
6මන්ද, ධර්මිෂ්ඨයින්ගේ මාර්ගය, ස්වාමින්වහන්සේ රැක බලාගන්නා සේක.
එහෙත්, දුදනන්ගේ මාර්ගය, විනාශයට දිවෙන්නේ ය.
Currently Selected:
ගීතාවලිය 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.