හිතෝපදේශ 9:1-6
හිතෝපදේශ 9:1-6 SCV
ප්‍රඥාව ඇගේ නිවස ගොඩ නගන්නී, එහි කුලුනු හත ඉදිකර ගත්තී ය. ඈ මස් මාංස පිළියෙල කොට, මිදි යුෂ පදමට මිශ්‍ර කර, ඇගේ සංග්‍රහ මේසය සූදානම් කොට ඇත. ඈ තම පරිවාර ළඳුන් පිටත් කර යවමින්, පුරවරයේ උස ම තැන සිට මෙසේ නිවේදන කළා ය: “අඥාන සියල්ලෙනි, මෙහෙ පැමිණෙන්න.” විචාර බුද්ධිය නැතියවුනට ඈ මෙසේ කියන්නී ය: “එන්න, මගේ කෑම කන්න; මා පදම් කර ඇති මිදි යුෂ බොන්න. ඔබගේ අනුවණ මාර්ග අතහරින්න, එවිට ඔබ ජීවත් වනු ඇත; අවබෝධ මාර්ගයේ ගමන් කරන්න.”





