YouVersion Logo
Search Icon

හිතෝපදේශ 5:1-8

හිතෝපදේශ 5:1-8 SCV

මා පුත, මගේ ප්‍රඥාවට අවධානය යොමු කරන්න. අවබෝධයේ මගේ වචනවලට මනාව සවන් දෙන්න. ඒ, ඔබ විචක්ෂණ බුද්ධියෙන් කටයුතු කරනු පිණිස ය; ඔබගේ දෙතොලින් දැනගැන්ම සුරැකෙනු පිණිස ය. අනාචාර ගැහැණියකගේ තොල්වලින් මී පැණි වෑහේ; ඇගේ කතාව තෙල්වලටත් වඩා සුමුදු ය. එහෙත් අවසානයේදී ඇය කොහොඹ මෙන් තිත්ත වනු ඇත; දෙමුවහත් කඩුවක් මෙන් මාරක වනු ඇත. ඇගේ දෙපා බැස යන්නේ, මරණය වෙතට ය; ඇගේ පියවර ඇදී යන්නේ මිනී වළට ය. ජීවනයේ මාර්ගය ගැන ඇගේ කිසි සැලකිල්ලක් නැත. ඇගේ මාවත් ඇද ය, එහෙත් ඈ ඒ වග නො දන්නී ය. එබැවින් දැන්, මා පුතුනි, මට සවන් දෙන්න; මා පවසන දෙයින් ඉවත නො හැරෙන්න. ඇගේ මාවතින් ඈත් ව සිටින්න; ඇගේ නිවසේ දොර අසලටවත් නො යන්න.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 5:1-8