හිතෝපදේශ 25
25
සාලමොන්ගේ තවත් හිතෝපදේශ
1පහත දැක්වෙන්නේ යූදාහි රජු වූ හෙසකියාගේ මිනිසුන් විසින් පිටපත් කරන ලද සාලමොන්ගේ තවත් හිතෝපදේශ වේ:
2යම් කරුණක් සඟවා තැබීම දෙවියන්වහන්සේගේ ගෞරවය ය;
යම් කරුණක් සොයා දැනගැනීම රජුන්ගේ ගෞරවය ය.
3අහස ඉහළ සේ ම, පොළොව ගැඹුරු සේ ම
රජුන්ගේ හදවත් ද සෝදිසි කර දැනගත නො හැකි ය.
4රිදී පහදු කර, එහි බොර ඉවත් කරන්න;
එවිට රිදීකරුවාට බඳුනක් පිණිස අමු-ද්‍රව්‍ය ලැබේ.
5රජු ඉදිරියෙන් දුෂ්ටයින් ඉවත් කර දමන්න;
එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමින් ස්ථිර වේ.
6රජු ඉදිරියේ තමා ම උසස් කර නො ගන්න,
උත්තමයින් අතරේ ප්‍රභූ ආසනයකට නො යන්න;
7මන්ද, උත්තමයකු ඉදිරියේ අවමානයට පාත්‍ර වනවාට වඩා,
“මේ ප්‍රභූ අසුනකට එන්නැ” යි ඇරියුම් ලැබීම යෙහෙක.
ඔබගේ දෑසින් ඔබ දුටු දේ
8ඉක්මන් වී උසාවියට ගෙන නො යන්න.
මන්ද අන්තිමේදී ඔබේ අසල්වැසියා ඔබ ලජ්ජාවට පත් කළොත්
ඔබ කුමක් කරන්න ද?
9ඔබගේ අසල්වැසියා සමඟ තර්ක කරන විටෙක
අන් කෙනකුගේ රහස හෙළි නො කරන්න.
10එසේ කළහොත් යමකු ඒ අසා ඔබට අපහාස කරනු ඇත;
එවිට ඔබේ හොඳ නමට වන කැළල මැකී යන්නේ නැත.
11තැනට උචිත වචනය,
රනින් කළ ඇපල් ගෙඩි නෙළුෑ රිදී කර්මාන්තයක් වැන්න.
12සවන් යොමන කනකට, ප්‍රඥාවන්තයකුගේ තරවටුව
රන් අරුංගලයක් හෝ දඹ රන් ආභරණයක් වැන්න.
13අස්වනු කාලයට හිම ශීතල යම් සේ ද,
විශ්වාසී පණිවුඩකරුවා ඔහු යැවූ අයට එසේ ම ය;
ඔහු තම ස්වාමියාගේ ආත්මය ප්‍රබෝධවත් කරයි.
14තමා විසින් නුදුන් ත්‍යාග ගැන උදම් අනන්නා,
වැහි නැති වලාකුළු හා සුළඟ වැන්න.
15ඉවසීමෙන් පාලකයකු වුව නමාගත හැකි ය;
විනීත දිවෙන් ඇටකටු වුව බිඳිය හැකි ය.
16මී පැණි ලදහොත්, ප්‍රමාණයක් ඇති ව කන්න;
පමණට වැඩිය කෑවහොත් කෑ දේ වමාරන්න සිදු වේ.
17කලාතුරකින් පමණක් ඔබේ අසල්වැසියාගේ නිවසට ගොඩවන්න;
පමණට වැඩිය ගියහොත් ඔහු ඔබට වෛර කරනු ඇත.
18තම අසල්වැසියාට එරෙහිව බොරු සාක්ෂි දෙන්නා,
මුගුරක් ද කඩුවක් ද තියුණු හීයක් ද වැනි ය.
19විපත්ති අවස්ථාවක ද්‍රෝහි මිනිසකු ගැන විශ්වාසය තැබීම
සෙලවෙන දතක් වගේ ය. කොර වූ පාදයක් වගේ ය.
20දුක්බර හදකට ගීත ගැයීම
සීතල දවසක කබාය ගලවා දමන්නාක් වගේ ය;
තුවාලයකට විනාකිරි වත් කිරීම වගේ ය.
21ඔබේ සතුරාට සාගිනි නම් ඔහුට ආහාර දෙන්න;
ඔහුට පිපාස නම් බොන්නට වතුර දෙන්න.
22එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනි ඇවිළෙන අඟුරු ගොඩ ගසන්නේ ය;
ස්වාමින්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙන සේක.
23උතුරු සුළඟ වැස්ස ගෙන එන්නා සේ,
කේලම් කියන දිව තරහ මුහුණු උපද්දයි.
24කලහකාරී බිරිඳක සමඟ එක ගෙයක වෙසෙනවාට වඩා
පියස්සේ මුල්ලක විසීම හොඳ ය.
25දුර රටකින් එන සුබ ආරංචිය දැඩි සේ
වෙහෙසුණු කෙනකුට ඇල් වතුර මෙනි.
26දුෂ්ටයින්ට ඉඩ දී පසු බසින ධර්මිෂ්ඨයා
බොර දිය උල්පතක් හා වතුර පල් වූ ළිඳක් වැනි ය.
27පමණට වඩා මී පැණි කෑම හොඳ නැත;
තමන්ගේ ම ගෞරවය සෙවීම ගෞරවනීය නැත.
28ආත්ම දමනයක් නැති මිනිසා,
පුර පවුරු කඩා දමන ලද නගරයක් බඳු ය.
Currently Selected:
හිතෝපදේශ 25: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: