හිතෝපදේශ 19
19
1අවංක ලෙස ජීවත් වන දුප්පත් මිනිසා,
හිතුවක්කාර තොල් ඇති අඥානයාට වඩා හොඳ ය.
2දැනුමෙන් තොර උද්යෝගය අවැඩදායක ය.
පමණට වඩා හදිසිවීමෙන් අරමුණ වැරදී යා හැකි ය.
3මිනිසකුගේ මෝඩකම ඔහුගේ ජීවිතය විනාශ කරයි;
එහෙත් ඔහුගේ හදවත ස්වාමින්වහන්සේට එරෙහිව වියරු වැටෙයි.
4ධන සම්පත් බොහෝ මිතුරන් උපද්දයි;
එහෙත් දුප්පතාගේ එක ම මිතුරා ද ඔහු හැර යයි.
5බොරු සාක්ෂිකරු දඬුවම් නො ලැබ නො සිටී;
බොරු වගුරුවන්නා ද නිදහස් ව නො යයි.
6බොහෝ දෙනෙක් උත්තමයාගේ හොඳ හිත සොයති;
තෑගි දෙන මිනිසාට හැම කෙනකු ම මිතුරන් ය.
7දුප්පත් මිනිසා ඔහුගේ නෑයින් හැම දෙනා විසින් අත්හැර දැමේ;
ඔහුගේ මිතුරෝ ඊට කොපමණ වැඩියෙන් ඔහුගෙන් ඈත් නො වෙද්ද?
ඔහු කන්නලව් කරමින් ඔවුන් පසු පස ගියත්,
ඔවුන් හමු විය නො හැකි වෙයි.
8දැනුම් තේරුම් ලබාගන්නා කවරෙක් වුව තම ජීවයට ප්‍රේම වෙයි;
අවබෝධයට ලැදිව කටයුතු කරන්නා සඵලවත් වෙයි.
9බොරු සාක්ෂිකරු දඬුවම් නො ලැබ නො සිටී;
බොරු වගුරුවන්නා, විනාශ වී යයි.
10සුඛෝපභෝගී ව ජීවත් වීම අඥානයකුට නොහොබනා ය;
අධිපතීන් පාලනය කිරීම, වහලකුට ඊට වඩා කොතරම් නොහොබනා ද!
11දැනුම් තේරුම් ඇත්තා කෝප ගන්න පමාවෙයි;
අන් කෙනකුගේ වරද නො සැලකීම ඔහුගේ ගෞරවයයි.
12රජකුගේ දැඩි කෝපය සිංහ ගර්ජනාවක් වැන්න;
එහෙත් ඔහුගේ කරුණාව, තණ මත පිනි වගේ ය.
13අඥාන පුත්‍රයා, ඔහුගේ පියාගේ විනාශය ය.
දබර කරන බිරිඳ,
නො නැවතී හැලෙන වතුර බිංදු වැන්න.
14ගේ-දොර හා ධන සම්පත් මා-පියන්ගෙන් එන උරුමයකි;
එහෙත් නැණවත් බිරිඳක්, ලැබෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.
15අලසකම තද නින්දට මග පාදයි;
කම්මැලියාට ආහාර අහේනි ඇති වෙයි.
16ආඥාව පිළිපදින්නා තම ජීවිතය රැක ගනී;
තම මාර්ගවලට අපරීක්ෂාකාරීවන්නා මියැදේ.
17දුප්පතුන්ට කරුණා පෑම ස්වාමින්වහන්සේට ණයට දීමකි;
ඔහු කළ දෑට උන්වහන්සේ ප්‍රතිඵල දෙන සේක.
18ඔබගේ පුත්‍රයා හික්මවන්න, එවිට බලාපොරොත්තුවක් තියේ;
එහෙත් ඔහුගේ විනාශයට සිත් නැඹුරු නො කරන්න.
19වහා කිපෙන මිනිසා එහි විපාකය ද විඳිය යුතු ය;
ඔබ ඔහු නිදහස් කළහොත්, යළි යළිත් එසේ කරන්නට සිදු වේ.
20අවවාදයට සවන් දී ගුරු-හරුකම පිළිගන්න;
එවිට අනාගතය සඳහා ඔබ ප්‍රඥාව අත්කර ගනී.
21මිනිසාගේ හදවතේ සැලසුම් බොහෝ ය;
එහෙත් සඵලවත් වන්නේ, ස්වාමින්වහන්සේගේ අරමුණ ය.
22මිනිසකුගේ දැඩි ආශාව නොමියෙන ප්‍රේමයයි;
බොරුකාරයකු වනවාට වඩා දුප්පත්කම හොඳ ය.
23 ස්වාමින්වහන්සේට භයවීම ජීවනයට මග පෙන්වයි;
එහි පිහිටන්නා සෑහීම ඇතුව විශ්‍රාම ලබන්නේ ය, විපත්තිය ඔහුට ළං නො වේ.
24අලසයා කෑම පිඟානට අත දමන නමුත්
යළි එය කටට ගන්නට පවා කම්මැලි වෙයි.
25සමච්චල්කරන්නාට තලන්න, එවිට අඥානයා සිහි නුවණ ලබනු ඇත;
බුද්ධිමතාට තරවටු කරන්න, එවිට ඔහු දැනගැන්ම ලබනු ඇත.
26තම පියාට සැහැසිකම් කරන, තම මව පන්නා දමන පුත්‍රයා,
ලජ්ජාවත්, නින්දාවත් ගෙනෙයි.
27අවවාදයට කන්දීම නවතන්න මා පුත,
එවිට දැනගැන්මේ වචනයෙන් ඔබ දුරු වී සිටිනු ඇත.
28දූෂිත සාක්ෂිකරු යුක්තියට ගරහයි;
දුෂ්ටයා කට පුරා අයුතුකම ගිල දමයි.
29ගරහන්නා උදෙසා සූදානම් ව ඇත්තේ දඬුවම ය;
අඥානයාගේ පිටුපසට කෝටු පාර ය.
Currently Selected:
හිතෝපදේශ 19: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: