හිතෝපදේශ 16
16
1හදවතේ සැලසුම් අයිති මිනිසාට ය;
එහෙත් දිවේ පිළිතුර පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.
2මිනිසාගේ හැම ක්‍රියා මාර්ගයක් ම නිදොස් යයි ඔහුට පෙනේ;
එහෙත් ඒවායේ අභිප්‍රාය කිරා-මැන බලන්නේ ස්වාමින්වහන්සේ ය.
3ඔබ කරන කවරක් වුව ස්වාමින්වහන්සේට බාරකරන්න;
එවිට ඔබගේ සැලසුම් සඵල වෙයි.
4 ස්වාමින්වහන්සේ හැම දෙයක් ම නිර්මාණ කර ඇත්තේ අරමුණක් ඇති ව ය;
එසේය දුෂ්ටයා වුව ද විපත්ති දවස උදෙසා ය.
5හදවතින් උඩඟු සියල්ලන් ස්වාමින්වහන්සේට පිළිකුලක් ය;
ඒකාන්තයෙන් ම කියමි: ඔවුහු දඬුවම් නො ලැබ නො සිටින්නෝ ය.
6පාප වන්දි නිවාරණය සලසනු ලබන්නේ නොමියෙන ප්‍රේමයත්, විශ්වසනීයත්වයත් තුළිනි;
මිනිසා නපුරෙන් දුරුව සිටින්නේ, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතීත්වය තුළිනි.
7මිනිසකුගේ ක්‍රියා මාර්ග ස්වාමින්වහන්සේට ප්‍රසන්න වූ කල,
ඔහුගේ සතුරන් පවා ඔහු හා සාමයෙන් වෙසෙන්නට උන්වහන්සේ සලසන සේක.
8ධර්මිෂ්ඨකම සමඟ ස්වල්පයක් ඇති ව සිටීම,
අයුක්තියෙන් බොහොමයක් අත්කර ගන්නවාට වඩා හොඳ ය.
9මිනිසාගේ ගමන් මග සැලසුම් කරන්නේ ඔහුගේ හදවත ය;
එහෙත් ඔහුගේ පියවර තීරණ කරන්නේ ස්වාමින්වහන්සේ ය.
10රජකුගේ දෙතොලතරින් දිව්‍ය-ප්‍රකාශන පැවසේ;
ඔහුගේ මුවින් යුක්තිය පාවා නො දිය යුතු ය.
11නිවැරදි කිරුම්-මිනුම් උපකරණ ස්වාමින්වහන්සේගෙනි;
ඒවායේ සියලු ප්රමිතීන් උන්වහන්සේගේ නිපැයුම් ය.
12වැරදි කිරීම රජවරුන්ට පිළිකුලකි;
සිංහාසනය ස්ථිර ව පිහිටුවනු ලබන්නේ ධර්මිෂ්ඨකම මගිනි.
13අවංක තොල්වලට රජුන් ප්‍රිය ය;
සත්‍යය කතා කරන මිනිසා ඔවුහු අගය කරති.
14රජකුගේ උදහස, මරණයේ දූතයෙකි;
එහෙත් නැණවතා එය සංසිඳුවයි.
15රජකුගේ මුහුණ දීප්තිමත් ව ඇති කල, එහි තේරුම ජීවනයයි;
ඔහුගේ ප්‍රසාදය වසන්ත සමයේ වැහි වලාවක් වැන්න.
16ප්‍රඥාව ලබා ගැනීම රත්රන්වලට වඩා කොතරම් අගේ ද!
අවබෝධය අත්කර ගැනීම රිදී තෝරාගැනීමට වඩා කොතරම් වටී ද!
17ඍජු ගුණ ඇත්තවුන්ගේ මහ මාර්ගය නපුර මග හැර දිවේ;
තමාගේ මාර්ග රැකවල් කරන්නා තම ජීවිතය රැක ගනී.
18විනාශයට පෙරටුවෙන් උඩඟුව ගමන් ගනී;
වැටීමට පෙරටුවෙන් මහ අහංකාරයකි.
19පීඩිතවූවන් අතරේ යටහත් ව සිටීම,
උඩඟුවූවන් සමඟ කොල්ලය බෙදා ගන්නවාට වඩා හොඳ ය.
20වචනය සලකන්නා සමෘද්ධ වෙයි;
ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා භාග්‍යවත් ය.
21හදවතින් ප්‍රඥාවත්හු බුද්ධිමතුන් යයි අමතනු ලබති;
ප්‍රිය වදනින් කෙනකුට ඉගෙනීම එකතු කරනු ලබයි.
22වැටහීම ඇත්තනට එය ජීවනයේ උල්පතකි;
එහෙත් මෝඩකම අඥානයාට දඬුවම් ගෙනේ.
23නැණවත් මිනිසාගේ හදවත, ඔහුගේ මුඛයට මග පෙන්වමින්,
ඔහුගේ තොල් අතරින් පැවසෙන දැයින් ඉගෙනීම එකතු කරනු ලබයි.
24කරුණාවන්ත වචන මී වදයකි,
එය සිතට මිහිරකි; ගතට සුවයකි.
25මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත;
එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි.
26කම්කරුවා වැඩ කරවන්නේ ඔහුගේ ආහාර රුචියයි;
ඔහුගේ කුසගින්න වැඩට ඔහු පොලඹවයි.
27අධමයා දුෂ්ට සැලසුම් යොදයි;
ඔහුගේ කතාව ඇවිළෙන ගින්දර ය.
28අගතිගාමී මිනිසා වාද භේද අවුස්සයි;
කේලමා ළබැඳි මිතුරන් වෙන් කරයි.
29සැහැසි මිනිසා, තම අසල්වැසියා පොලඹවා,
නො හොඳ මාවත්වල ඔහු ගෙන යයි.
30ඇසින් ඉඟිකරන්නා, අගතිය සැලසුම් කරයි;
තම තොල් පෙරළන්නා, නපුරකට සූදානම් වෙයි.
31පැසුණු හිසකේ ගෞරවයේ ඔටුන්නකි;
එය අත්කර ගන්නේ, ධර්මිෂ්ඨ ජීවිත පැවැත්මකිනි.
32ඉවසිලිවන්තයා#16:32 ඉවසිලිවන්තයා එනම් ඉක්මනින් නො කිපෙන්නා, රණවිරුවකුට වඩා අගේ ය;
ආත්ම දමනය කරන්නා පුරවරයක් අල්ලා ගන්නාට වඩා වටනේ ය.
33තීරණයක් ගැනීමට පස ඇටය ඔඩොක්කුවට දමනු ලැබේ;
එහෙත් එහි හැම තීරණය පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.
Currently Selected:
හිතෝපදේශ 16: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.