YouVersion Logo
Search Icon

හිතෝපදේශ 16:18-33

හිතෝපදේශ 16:18-33 SCV

විනාශයට පෙරටුවෙන් උඩඟුව ගමන් ගනී; වැටීමට පෙරටුවෙන් මහ අහංකාරයකි. පීඩිතවූවන් අතරේ යටහත් ව සිටීම, උඩඟුවූවන් සමඟ කොල්ලය බෙදා ගන්නවාට වඩා හොඳ ය. වචනය සලකන්නා සමෘද්ධ වෙයි; ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා භාග්‍යවත් ය. හදවතින් ප්‍රඥාවත්හු බුද්ධිමතුන් යයි අමතනු ලබති; ප්‍රිය වදනින් කෙනකුට ඉගෙනීම එකතු කරනු ලබයි. වැටහීම ඇත්තනට එය ජීවනයේ උල්පතකි; එහෙත් මෝඩකම අඥානයාට දඬුවම් ගෙනේ. නැණවත් මිනිසාගේ හදවත, ඔහුගේ මුඛයට මග පෙන්වමින්, ඔහුගේ තොල් අතරින් පැවසෙන දැයින් ඉගෙනීම එකතු කරනු ලබයි. කරුණාවන්ත වචන මී වදයකි, එය සිතට මිහිරකි; ගතට සුවයකි. මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි. කම්කරුවා වැඩ කරවන්නේ ඔහුගේ ආහාර රුචියයි; ඔහුගේ කුසගින්න වැඩට ඔහු පොලඹවයි. අධමයා දුෂ්ට සැලසුම් යොදයි; ඔහුගේ කතාව ඇවිළෙන ගින්දර ය. අගතිගාමී මිනිසා වාද භේද අවුස්සයි; කේලමා ළබැඳි මිතුරන් වෙන් කරයි. සැහැසි මිනිසා, තම අසල්වැසියා පොලඹවා, නො හොඳ මාවත්වල ඔහු ගෙන යයි. ඇසින් ඉඟිකරන්නා, අගතිය සැලසුම් කරයි; තම තොල් පෙරළන්නා, නපුරකට සූදානම් වෙයි. පැසුණු හිසකේ ගෞරවයේ ඔටුන්නකි; එය අත්කර ගන්නේ, ධර්මිෂ්ඨ ජීවිත පැවැත්මකිනි. ඉවසිලිවන්තයා, රණවිරුවකුට වඩා අගේ ය; ආත්ම දමනය කරන්නා පුරවරයක් අල්ලා ගන්නාට වඩා වටනේ ය. තීරණයක් ගැනීමට පස ඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එහි හැම තීරණය පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.

Verse Image for හිතෝපදේශ 16:18-33

හිතෝපදේශ 16:18-33 - විනාශයට පෙරටුවෙන් උඩඟුව ගමන් ගනී;
වැටීමට පෙරටුවෙන් මහ අහංකාරයකි.

පීඩිතවූවන් අතරේ යටහත් ව සිටීම,
උඩඟුවූවන් සමඟ කොල්ලය බෙදා ගන්නවාට වඩා හොඳ ය.

වචනය සලකන්නා සමෘද්ධ වෙයි;
ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා භාග්‍යවත් ය.

හදවතින් ප්‍රඥාවත්හු බුද්ධිමතුන් යයි අමතනු ලබති;
ප්‍රිය වදනින් කෙනකුට ඉගෙනීම එකතු කරනු ලබයි.

වැටහීම ඇත්තනට එය ජීවනයේ උල්පතකි;
එහෙත් මෝඩකම අඥානයාට දඬුවම් ගෙනේ.

නැණවත් මිනිසාගේ හදවත, ඔහුගේ මුඛයට මග පෙන්වමින්,
ඔහුගේ තොල් අතරින් පැවසෙන දැයින් ඉගෙනීම එකතු කරනු ලබයි.

කරුණාවන්ත වචන මී වදයකි,
එය සිතට මිහිරකි; ගතට සුවයකි.

මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත;
එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි.

කම්කරුවා වැඩ කරවන්නේ ඔහුගේ ආහාර රුචියයි;
ඔහුගේ කුසගින්න වැඩට ඔහු පොලඹවයි.

අධමයා දුෂ්ට සැලසුම් යොදයි;
ඔහුගේ කතාව ඇවිළෙන ගින්දර ය.

අගතිගාමී මිනිසා වාද භේද අවුස්සයි;
කේලමා ළබැඳි මිතුරන් වෙන් කරයි.

සැහැසි මිනිසා, තම අසල්වැසියා පොලඹවා,
නො හොඳ මාවත්වල ඔහු ගෙන යයි.

ඇසින් ඉඟිකරන්නා, අගතිය සැලසුම් කරයි;
තම තොල් පෙරළන්නා, නපුරකට සූදානම් වෙයි.

පැසුණු හිසකේ ගෞරවයේ ඔටුන්නකි;
එය අත්කර ගන්නේ, ධර්මිෂ්ඨ ජීවිත පැවැත්මකිනි.

ඉවසිලිවන්තයා, රණවිරුවකුට වඩා අගේ ය;
ආත්ම දමනය කරන්නා පුරවරයක් අල්ලා ගන්නාට වඩා වටනේ ය.

තීරණයක් ගැනීමට පස ඇටය ඔඩොක්කුවට දමනු ලැබේ;
එහෙත් එහි හැම තීරණය පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 16:18-33