හිතෝපදේශ 16:1-3
හිතෝපදේශ 16:1-3 SCV
හදවතේ සැලසුම් අයිති මිනිසාට ය; එහෙත් දිවේ පිළිතුර පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි. මිනිසාගේ හැම ක්‍රියා මාර්ගයක් ම නිදොස් යයි ඔහුට පෙනේ; එහෙත් ඒවායේ අභිප්‍රාය කිරා-මැන බලන්නේ ස්වාමින්වහන්සේ ය. ඔබ කරන කවරක් වුව ස්වාමින්වහන්සේට බාරකරන්න; එවිට ඔබගේ සැලසුම් සඵල වෙයි.





