හිතෝපදේශ 13:4-6
හිතෝපදේශ 13:4-6 SCV
අලසයා දැඩි ව ආශා වන නමුදු ඔහුට කිසිවක් නො ලැබේ; එහෙත් උත්සාහවන්තයාගේ ආශා මුළුමනින් ම ඉටු වේ. දමිටු දනා අසත්‍යයට ද්වේෂ කරති; එහෙත් දුෂ්ටයෝ පිළිකුලත්, නින්දාවත් ගෙන එති. ධර්මිෂ්ඨත්වය ඍජු ගති ඇත්තන් රැකවල් කරයි; එහෙත් දුෂ්ටකම පව්කරුවන් හෙළා දමයි.





