YouVersion Logo
Search Icon

හිතෝපදේශ 13:16-21

හිතෝපදේශ 13:16-21 SCV

හැම බුද්ධිමත් මිනිසා ම අවබෝධයෙන් ක්‍රියා කරයි; එහෙත් අඥානයා තම මෝඩකම ප්‍රදර්ශන කරයි. දුෂ්ට පණිවුඩකරුවා කරදරේ වැටෙයි; එහෙත් විශ්වාසී නියෝජිතයා සුවය ගෙනෙයි. උපදෙස නො සලකන්නා දුගී බවට හා ලජ්ජාවට පත් වෙයි; එහෙත් නිවැරදි කිරීම පිළිගන්නා ගෞරවය ලබයි. ආශා වූ දෑ ඉෂ්ටවීම කෙනකුට මිහිරකි; එහෙත් නපුරෙන් ඉවත හැරීම අඥානයින්ට පිළිකුලකි. ප්‍රඥාවතුන් ඇසුරු කරන්නා ද ප්‍රඥාවත් වෙයි; එහෙත් අඥානයින්ගේ මිත්‍රයා උපද්‍රවයට හසුවෙයි. අභාග්‍යය, පව්කරුවා ලුහුබඳී; එහෙත් දමිටුන්ගේ ප්‍රතිලාභය ඉසුර ය.