හිතෝපදේශ 13:13-25
හිතෝපදේශ 13:13-25 SCV
අවවාද හෙළා දකින්නා එහි ප්‍රතිවිපාක විඳියි; එහෙත් ආඥා ගරුකරන්නා එහි ඉටු විපාක ලබයි. ප්‍රඥාවතුන්ගේ ගුරුහරුකම් ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් ඒවා කෙනකු ඉවත හරවයි. නිසි වැටහීම ප්‍රසාදය දිනාගනී; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය ඔවුන්ගේ විනාශය ය. හැම බුද්ධිමත් මිනිසා ම අවබෝධයෙන් ක්‍රියා කරයි; එහෙත් අඥානයා තම මෝඩකම ප්‍රදර්ශන කරයි. දුෂ්ට පණිවුඩකරුවා කරදරේ වැටෙයි; එහෙත් විශ්වාසී නියෝජිතයා සුවය ගෙනෙයි. උපදෙස නො සලකන්නා දුගී බවට හා ලජ්ජාවට පත් වෙයි; එහෙත් නිවැරදි කිරීම පිළිගන්නා ගෞරවය ලබයි. ආශා වූ දෑ ඉෂ්ටවීම කෙනකුට මිහිරකි; එහෙත් නපුරෙන් ඉවත හැරීම අඥානයින්ට පිළිකුලකි. ප්‍රඥාවතුන් ඇසුරු කරන්නා ද ප්‍රඥාවත් වෙයි; එහෙත් අඥානයින්ගේ මිත්‍රයා උපද්‍රවයට හසුවෙයි. අභාග්‍යය, පව්කරුවා ලුහුබඳී; එහෙත් දමිටුන්ගේ ප්‍රතිලාභය ඉසුර ය. හොඳ මිනිසා තම දරුවන්ගේ දරුවන්ට ද උරුමයක් තබා යයි; එහෙත් පව්කරුවාගේ වස්තුව දමිටුන් සඳහා ගබඩා කොට ඇත. වගා නො කළ කෙත්වල දුප්පතාට ආහාර බෝග හට ගැනේ; එහෙත් අයුක්තියෙන් ඒවා ගසා ගෙන යයි. වේවැල අතට නො ගැනීමෙන් පියා තම පුතුට හතුරුකමක් කරයි; එහෙත් තම පුතුට ප්‍රේම කරන්නා ඔහු හික්මවීමට සැලකිලිමත් වෙයි. දමිටු දනා තම හදවත් තෘප්තිමත් වන සේ අහර ගනිති; එහෙත් දුෂ්ටයින්ගේ කුසේ කුස ගිනි තිබේ.





