YouVersion Logo
Search Icon

හිතෝපදේශ 13:13-18

හිතෝපදේශ 13:13-18 SCV

අවවාද හෙළා දකින්නා එහි ප්‍රතිවිපාක විඳියි; එහෙත් ආඥා ගරුකරන්නා එහි ඉටු විපාක ලබයි. ප්‍රඥාවතුන්ගේ ගුරුහරුකම් ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් ඒවා කෙනකු ඉවත හරවයි. නිසි වැටහීම ප්‍රසාදය දිනාගනී; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය ඔවුන්ගේ විනාශය ය. හැම බුද්ධිමත් මිනිසා ම අවබෝධයෙන් ක්‍රියා කරයි; එහෙත් අඥානයා තම මෝඩකම ප්‍රදර්ශන කරයි. දුෂ්ට පණිවුඩකරුවා කරදරේ වැටෙයි; එහෙත් විශ්වාසී නියෝජිතයා සුවය ගෙනෙයි. උපදෙස නො සලකන්නා දුගී බවට හා ලජ්ජාවට පත් වෙයි; එහෙත් නිවැරදි කිරීම පිළිගන්නා ගෞරවය ලබයි.