YouVersion Logo
Search Icon

හිතෝපදේශ 13:1-6

හිතෝපදේශ 13:1-6 SCV

ප්‍රඥාවත් පුත්‍රයා තම පියාගේ උපදෙස්වලට කන් දෙයි; එහෙත් ගැරහුම්කරුවා තරවටුවට සවන් නො දෙයි. තම තොල්වල පලවලින් මිනිසෙක් යහ දෑ භුක්ති විඳියි; එහෙත් ද්‍රෝහීන්ගේ දැඩි ආශාව සැහැසිකමට ය. තම කට රැක ගන්නා තම දිවි රැක ගනී; එහෙත් දුර දිග නො බලා කතා කරන්නා විනාශයට පැමිණේ. අලසයා දැඩි ව ආශා වන නමුදු ඔහුට කිසිවක් නො ලැබේ; එහෙත් උත්සාහවන්තයාගේ ආශා මුළුමනින් ම ඉටු වේ. දමිටු දනා අසත්‍යයට ද්වේෂ කරති; එහෙත් දුෂ්ටයෝ පිළිකුලත්, නින්දාවත් ගෙන එති. ධර්මිෂ්ඨත්වය ඍජු ගති ඇත්තන් රැකවල් කරයි; එහෙත් දුෂ්ටකම පව්කරුවන් හෙළා දමයි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 13:1-6