හිතෝපදේශ 11:24-26
හිතෝපදේශ 11:24-26 SCV
කෙනෙක් නො මසුරු ව දෙන නමුදු, බහුල ව අත්කර ගන්නේ ය; තව කෙනෙක් මසුරු ව, දිය යුතු ව තිබූ දෑ නො දී සිටි නමුදු හිඟකමට පත් වන්නේ ය. ත්‍යාගශීලී මිනිසා ඉසුරුමත් වෙයි; අන්‍යයනට පැන් වත් කරන තැනැත්තාට පැන් වත් කරනු ලබයි. ධාන්‍ය සඟවා තබාගන්නාට ජනයා ශාප කරති; එහෙත් ඒවා අලෙවි කරන්නාගේ හිස පිට ආශිර්වාදයකි.









