හිතෝපදේශ 10:1-7
හිතෝපදේශ 10:1-7 SCV
සාලමොන්ගේ හිතෝපදේශ: ප්‍රඥාවත් පුත්‍රයා තම පියාට ප්‍රීතිය ගෙනේ, අඥාන පුත්‍රයා තම මව ශෝකයට පමුණුවයි. අදමිටුකමින් උපයා ගත් ධනයේ වටිනාකමක් නැත; එහෙත් දමිටුකම මරණයෙන් ගලවයි. ධර්මිෂ්ඨයිනට කුස ගින්නේ සිටින්නට ස්වාමින්වහන්සේ ඉඩ නො තබන සේක; එහෙත්, දුෂ්ටයින්ගේ තෘෂ්ණාව ඉෂ්ටවීම වළකන සේක. කම්මැලි දෑත මිනිසකු දුප්පත් කරවයි; එහෙත් උද්යෝගිමත් දෑත, ධනය ගෙන එයි. ග්‍රීෂ්ම කාලයේ පලදාව එක් රැස් කරන්නා නැණවත් පුතෙකි; අස්වනු කාලයේ නිදාගන්නා නින්දා සහගත පුතෙකි. ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශිර්වාද වෙයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය සැහැසිකම මුවා කර ගනී. ධර්මිෂ්ඨයින් ගැන මතකය ද ආශිර්වාදයකි; එහෙත් දුෂ්ටයාගේ නාමය දිරා යයි.





