YouVersion Logo
Search Icon

ගණන් 22:22-27

ගණන් 22:22-27 SCV

ඔහුගේ යෑම ගැන, දෙවියන්වහන්සේ බොහෝ සේ උරණ වූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, ඔහුට එරෙහිව සිටිමින්, පාරේ සිට ගත්තේ ය. බාලාම් ගියේ තම බූරු දෙන පිටේ ය. ඔහුගේ සේවකයින් දෙදෙනෙක් ද ඔහු සමඟ වූහ. ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුවක් අතැතිව, පාරේ සිටගෙන සිටිනු දුටු බූරු දෙන, පාරෙන් ඉවතට කෙතට හැරිණි. යළි ඌ පාරට ගන්නට බාලාම් ඌට තැළී ය. එවිට ස්වාමින්වහන්සේගේ දූතයා, මිදි වතු දෙකක් අතරේ දෙපසින් ම තාප්ප සහිත පටු මාවතක සිට ගත්තේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, තාප්පයට ළං වී ඊට තද වූයෙන්, බාලාම්ගේ කකුල තැළුණේ ය. එබැවින් ඔහු යළි ඌට තැළී ය. ඉන්පසු ස්වාමින්වහන්සේගේ දූතයා ඉන් මදක් ඔබ්බට ගොස්, වමට හෝ දකුණට හෝ හැරෙන්නට ඉඩක් නැති පටු තැනක සිට ගත්තේ ය. මෙවර ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, බාලාම් ඌ පිට සිටියදී ම, බිම වැතිරුණා ය. ඉන් කෝපයට පත් ඔහු, තම කෙවිටෙන් ඌට පහර දුන්නේ ය.

Video for ගණන් 22:22-27

Free Reading Plans and Devotionals related to ගණන් 22:22-27