YouVersion Logo
Search Icon

නෙහෙමි 4:1-3

නෙහෙමි 4:1-3 SCV

අප පවුර ඉදිකරන වග සන්බල්ලට් ඇසූ කල, ඔහු කෝපයට පත් ව, දැඩි සේ කුපිත වී, යුදෙව්වරුන්ට ගර්හා කරමින්, තම සහායකයින් හා සමාරි හමුදාව ඉදිරිපිට කතා කොට, “මොනවා ද ඒ බෙලහීන යුදෙව්වන් කරන්නේ? ඔවුන් එය තමන් ම ප්‍රකෘතිමත් කරනවා ද? ඔවුන් යාග පූජා කරනවා ද? ඔවුන් එය එක දවසකින් නිම කරයි ද? පිලිස්සී දැවී ගිය මේ සුන්බුන්වලින් ගඩොල් තනා ගන්නට ඔවුන්ට පුළුවන් දැ?” යි පැවසී ය. ඔහු පසෙකින් සිටි අම්මොනීය ටෝබීයා කතා කරමින්, “හරි, ඔවුන් ඉදිකරන මේකට හිවලෙක් ගොඩ වුණොත්, ඌ ඔවුන්ගේ ගල් බැම්ම කඩා දමනු ඇතැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to නෙහෙමි 4:1-3