නෙහෙමි 2:19-20
නෙහෙමි 2:19-20 SCV
එහෙත් හොරොනීය සන්බල්ලට් ද අම්මොනීය නිලධාරී ටෝබීයා ද අරාබි ජාතික ගෙෂෙම් ද එය ඇසූ කල, අපට සමච්චල් කර, අපහාස කළහ. “මොකක් ද මේ නුඹලා කරන වැඩේ? රජුට එරෙහිව නුඹලා කැරලි ගසනවා දැ” යි ඇසූහ. මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන්වහන්සේ අප සඵල කරන සේක. උන්වහන්සේගේ සේවක අපි නැගිට, ගොඩ නගන්නෙමු. එහෙත් ඔබට යෙරුසලමෙහි කිසි කොටසක්වත්, අයිතිවාසිකමක් හෝ ඓතිහාසික උරුමයක්වත් නැතැ” යි පැවසීමි.





