YouVersion Logo
Search Icon

මීකා 3:5-8

මීකා 3:5-8 SCV

ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මගේ ජනයාට අයාලේ යන්නට මග පෙන් වූ දිවැසිවරුන් ගැන නම්, ඔවුන් කන්නට දෙයක් ඔවුනට ඇති විට සාමය යයි කියති. එහෙත් තම මුවට කිසිවක් නො දමන්නන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරති, එබැවින්, දර්ශන නොමැතිව නුඹලාට රෑ වේ. පේන කීම නොමැතිව කළුවර වේ. දිවැසිවරුනට හිරු බැස යන්නේ ය. දහවල ඔවුන්ට කළුවර වන්නේ ය. අනාගතවක්තෘවරුන් අවමානයට පත් කෙරේ. පේන කියන්නන් ලජ්ජාවට පත් කරනු ලැබේ. ඔවුහු සියල්ලෝ තම උඩු රැවුල පටන් පහළට මුහුණ වසා ගන්නෝ ය. මන්ද, දෙවියන්වහන්සේගෙන් පිළිතුරක් නැත.” එහෙත් මා ගැන නම්, මම බලයෙන් පිරී සිටිමි; ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ගෙන් පිරී සිටිමි. යුක්තියෙන් හා ශක්තියෙන් පිරී සිටිමි. ඒ, යාකොබ්ට ඔහුගේ අයුතුකම ද ඉශ්‍රායෙල්ට ඔහුගේ පාපය ද නිවේදන කිරීමට ය.

Free Reading Plans and Devotionals related to මීකා 3:5-8