YouVersion Logo
Search Icon

මතෙව් 4:8-11

මතෙව් 4:8-11 SCV

යක්ෂයා නැවතත් ඉතා උස් කන්දකට උන්වහන්සේ පමුණුවා, ලොව සියලු රාජ්‍යයන් ද ඒවායේ ශෝභාලංකාරය ද උන්වහන්සේට පෙන්වා, “ඔබ වැඳ වැටී, මට නමස්කාර කළොත්, මේ සියල්ල ම මම ඔබට දෙන්නෙමි” යි උන්වහන්සේට කීවේ ය. එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක් ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක. එවිට යක්ෂයා උන්වහන්සේ හැර ගියේ ය; දේව දූතයෝ පැමිණ උන්වහන්සේට සත්කාර කළහ.

Free Reading Plans and Devotionals related to මතෙව් 4:8-11