YouVersion Logo
Search Icon

මතෙව් 21:18-21

මතෙව් 21:18-21 SCV

උදයේ ආපසු පුරවරයට එද්දී උන්වහන්සේට කුස ගිනි දැනිණි. මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වී ය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහි ම ඒ ගස වියළී ගියේ ය. ඒ දුටු ගෝලයෝ ඉන් විස්මිත ව, “එකපාරට මේ අත්තික්කා ගහ වියළුණේ කෙසේ දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබට ඇදහිල්ල ඇත්නම්, සැක නො කරන්නේ නම්, ඔබට කළ හැකි වන්නේ, මේ අත්තික්කා ගහට කළ දේ පමණක් නො වේ. මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ යි කීව ද එය සිදු වනු ඇත.

Free Reading Plans and Devotionals related to මතෙව් 21:18-21