මතෙව් 2:7-11
මතෙව් 2:7-11 SCV
ඉන්පසු හෙරෝද්, පෙරදිග පඬිවරුන් රහසේ තමා වෙත කැඳවා, ඔවුනට තරුව පෙනුණ හරි කාලය සොයා දැනගත්තේ ය. ඔහු බෙත්ලෙහෙමට ඔවුන් පිටත් කර යවමින්, “ගොස් මනා විපරමින් දරුවා ගැන සොයා බලන්න. ඔබට ඔහු හමු වූ විට, මා ද ගොස්, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ඇවිත්, මට දන්වන්නැ” යි කීවේ ය. රජු කී දෑ ඇසූ පසු ඔවුහු යළි තම ගමන ඇරඹූහ. එකල මෙන්න! නැගී තිබෙනවා ඔවුන් දැක තිබූ තරුව දරුවා සිටි තැන දක්වා ඔවුන්ට පෙරටුව ගොස්, එතැන නැවතුණේ ය. තරුව දුටු ඔවුහු මහා ප්‍රීතියකින් උද්දාමයට පත් වූහ. නිවසට ඇතුළු වූ ඔවුහු දරුවාත්, ඔහුගේ මවු වූ මරියාත් දැක, වැඳ වැටී උන්වහන්සේට නමස්කාර කළහ. ඉන්පසු තම කරඬු ඇර, රන් ද කට්ටකුමංජල් ද සුවඳලාටු ද යන ත්‍යාග උන්වහන්සේට පිළිගැන් වූහ.



![[From Heaven to the Hay in the Heart] Part 1 මතෙව් 2:7-11 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F29090%2F1440x810.jpg&w=3840&q=75)

