ලූක් 5:4-6
ලූක් 5:4-6 SCV
කතා කර නිම වූ පසු උන්වහන්සේ සීමොන් අමතා, “මාළු මඩියක් අල්ලා ගන්නට දියඹේ ගැඹුරට ගොස්, දැල් දමන්නැ” යි කී සේක. සීමොන් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, රෑ මුළුල්ලේ ම වෙහෙස දරලත් අපට ලැබුණු දෙයක් නැහැ. එනමුත් ඔබතුමාගේ වචනය නිසා මම දැල් හෙළන්නෙමි” යි කීවේ ය. එහෙත් ඔවුන් එසේ කළ විට, මසුන් මහත් රාශියක් හසුවූයෙන්, ඔවුන්ගේ දැල් ඉරෙන්නට වන්නේ ය.





