YouVersion Logo
Search Icon

ලූක් 24:6-12

ලූක් 24:6-12 SCV

උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ නැගුටුණු සේක. උන්වහන්සේ ගලීලයේ සිටියදී නුඹලාට කී දේ මතක් කරන්න. එනම්, ‘මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට බාර දෙනු ලබන්නටත්, කුරුසිපත් කරනු ලබන්නටත්, තුන් වන දවසේ නැගිටින්නටත් යුතු ය’ යනුයි” කීහ. එවිට උන්වහන්සේගේ වචන ඔවුන්ට මතක් විණි. සොහොන වෙතින් ආපසු පැමිණි ඔවුහු, සියලු පුවත් එකොළොස් දෙනාටත්, අනෙක් සැමටත් සැල කළහ. අපෝස්තුලුවරුනට මේ දෑ කීවේ, මග්දලායේ මරියා, යොවන්නා, යාකොබ්ගේ මව වූ මරියා හා ඔවුන් සමඟ සිටි අනෙක් ස්ත්‍රීන් ය. එහෙත් ඒ ස්ත්‍රීන් කී දේ ඔවුන් විශ්වාස කළේ නැත. ඒ කියමන් ඔවුන්ට පෙනුණේ හිස් ප්‍රලාප ලෙසිනි. එහෙත් පේතෘස් සොහොන වෙත දුව ගොස්, එබී බලා, හණ රෙදි වෙළුම පමණක් පසෙක තිබෙනු දැක, කුමක් සිදු වී දැයි පුදුමයෙන් ආපසු ගියේ ය.

Verse Image for ලූක් 24:6-12

ලූක් 24:6-12 - උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ නැගුටුණු සේක. උන්වහන්සේ ගලීලයේ සිටියදී නුඹලාට කී දේ මතක් කරන්න. එනම්, ‘මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට බාර දෙනු ලබන්නටත්, කුරුසිපත් කරනු ලබන්නටත්, තුන් වන දවසේ නැගිටින්නටත් යුතු ය’ යනුයි” කීහ. එවිට උන්වහන්සේගේ වචන ඔවුන්ට මතක් විණි.
සොහොන වෙතින් ආපසු පැමිණි ඔවුහු, සියලු පුවත් එකොළොස් දෙනාටත්, අනෙක් සැමටත් සැල කළහ. අපෝස්තුලුවරුනට මේ දෑ කීවේ, මග්දලායේ මරියා, යොවන්නා, යාකොබ්ගේ මව වූ මරියා හා ඔවුන් සමඟ සිටි අනෙක් ස්ත්‍රීන් ය. එහෙත් ඒ ස්ත්‍රීන් කී දේ ඔවුන් විශ්වාස කළේ නැත. ඒ කියමන් ඔවුන්ට පෙනුණේ හිස් ප්‍රලාප ලෙසිනි. එහෙත් පේතෘස් සොහොන වෙත දුව ගොස්, එබී බලා, හණ රෙදි වෙළුම පමණක් පසෙක තිබෙනු දැක, කුමක් සිදු වී දැයි පුදුමයෙන් ආපසු ගියේ ය.

Free Reading Plans and Devotionals related to ලූක් 24:6-12