ලෙවී 4
4
පාප පූජා
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ කියන්න: යමකු නො දැනුවත් ව පව් කරමින්, ස්වාමින්වහන්සේගේ සියලු ආඥාවල යමකින් තහනම් කර ඇති දෙයක් කළ විටෙක, ක්‍රියා කළ යුත්තේ මෙසේ ය.
3“ ‘ආලේප ලත් පූජකයා ජනතාව පිට වරද පැවරෙන පරිදි පව් කරයි නම්, ඔහු තමා කළ පාපය උදෙසා පාප පූජාවක්#4:3 පාප පූජාවක් එනම් පාප පවිත්‍ර කිරීමේ පූජාවක් වශයෙන් කැළැල් රහිත ගොන් වස්සකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ යුතු ය. 4ඔහු හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුව වෙත ස්වාමින්වහන්සේ ඉදිරියට ඌ ගෙන ආ යුතු ය. ඔහු උගේ හිස මත අත තබා, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය. 5ඉන්පසු ආලේප ලත් පූජකයා, ගොන් වස්සාගේ ලේ ස්වල්පයක් ගෙන, හමුවීමේ කූඩාරම තුළට අවුත්, 6තම ඇඟිල්ල ලෙයේ බහා, ශුද්ධස්ථානයේ තිරය ඉදිරිපිට ස්වාමින්වහන්සේ ඉදිරියේ හත් වාරයක් ලේ ඉසිය යුතු ය. 7ඉන්පසු පූජකයා හමුවීමේ කූඩාරම තුළ ස්වාමින්වහන්සේ ඉදිරියේ ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ද ලේ ස්වල්පයක් තැවරිය යුතු ය. ගවයාගේ ඉතිරි ලේ, හමුවීම් කූඩාරම් දොරටුව අසල වූ දවන යාග පූජාසන පාමුල වත් කළ යුතු ය. 8ඉන්පසු ඔහු, පාප පූජාවේ ගවයාගේ අතුණු වැසී ඇති මේදය හා අතුණු මත ඇති මේදය ඇතුළු ව උගේ සියලු මේද කොටස් ඉවත් කර, 9වකුගඩු යුගල හා ඒ වටා තුනටිය ළඟ ඇති මේදය ද වකුගඩු සමඟ ඉවත් කර ගන්නා අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද 10ශාන්ති පූජා ගවයාගේ මේද කොටස් ඉවත් කෙරෙන පරිදි ම ඉවත් කළ යුතු ය. ඉන්පසු පූජකයා දවන යාග පූජාසනය මත ඒවා දවාලිය යුතු ය. 11එහෙත් ගවයාගේ හම ද මස් සියල්ල ද සමඟ උගේ හිස, කකුල්, අතුණු හා ගොම ද 12යන ගවයාගේ ඉතිරි කොටස් සියල්ල කඳවුරෙන් පිටත පවිත්‍ර තැනකට එනම්, දවන පූජා අළු ඉවත දමන තැනකට ගෙන ගොස්, අළු ගොඩ මත දර දමා ඇවුළූ ගින්නෙහි දැවිය යුතු ය.
13“ ‘මුළු ඉශ්‍රායෙල් සමාජය නොමග ගොස් පව් කරමින්, ස්වාමින්වහන්සේගේ සියලු ආඥාවලින් එකකින් තහනම් කර ඇති දෙයක් කළ විටෙක, ජන සමාජය ඒ ගැන නො දැන සිටිය ද, ඔවුහු වරදකරුවෝ වෙති. 14තමන් විසින් කරන ලද පාපය හැඳිනගත් කල, ඉශ්‍රායෙල් සභාව, පාප පූජාවක් වශයෙන් ගොන් වස්සකු ගෙනවුත්, හමුවීමේ කූඩාරම අබියසදී ඌ පිළිගැන්විය යුතු ය. 15ඉශ්‍රායෙල් සමාජයේ ප්‍රජා මූලිකයින් ස්වාමින්වහන්සේ ඉදිරිපිට වස්සාගේ හිස මත අත් තබා, ඉන්පසු, ස්වාමින්වහන්සේ ඉදිරිපිට වස්සා මරනු ලැබිය යුතු ය. 16ආලේප ලද පූජකයා ඉන්පසු, ගොන් වස්සාගේ ලේ ස්වල්පයක් හමුවීමේ කූඩාරම තුළට ගෙනවුත්, 17තම ඇඟිල්ල ලෙයේ බහා, ස්වාමින්වහන්සේ ඉදිරියේ ශුද්ධස්ථානයේ තිරය දෙසට හත් වාරයක් ඒ ලේ ඉසිය යුතු ය. 18ඉන්පසු ඔහු ස්වාමින්වහන්සේ අබියස හමුවීමේ කූඩාරම තුළ ඇති පූජාසනයේ අං මත ද ලේ ස්වල්පයක් තවරා, ඉතිරි ගව ලේ, හමුවීම් කූඩාරම් දොරටුව අසල වන දවන යාග පූජාසනය පාමුල වත් කළ යුතු ය. 19ඔහු උගේ මේදය සියල්ල ඉවත් කොට, පූජාසනය මත ඒවා දවාලිය යුතු ය. 20පාප පූජාවේ ගවයා සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ පරිදි ම, මේ ගවයාටත් කළ යුතු ය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කළ කල්හි, ඔවුන්ගේ පාප කමා කෙරේ. 21ඉන්පසු පූජකයා කඳවුරෙන් පිටතට ගවයා ගෙන ගොස්, පළමු ගවයා දවා ලූ අයුරින් ඌ දවාලිය යුතු ය. ජන සමාජය උදෙසා වූ පාප පූජාව එයයි.
22“ ‘නායකයෙක් තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ සියලු ආඥාවලින් එකකින් තහනම් කර ඇති දෙයක් කළ විටෙක, නො දැනුවත් ව පව් කරයි නම්, ඔහු වරදකරුවකු වෙයි. 23ඔහු කළ පාපය ඔහුට දන්වනු ලැබූ කල, ඔහු තමා උදෙසා පූජාවක් වශයෙන් කැළැල් රහිත එළු වස්සකු ගෙන ආ යුතු ය. 24ඔහු එළුවාගේ හිස මත අත තබා, දවන යාග පූජා සතුන් මරනු ලබන තැනදී ස්වාමින්වහන්සේ ඉදිරියේ ඌ මැරිය යුතු ය. එය පාප පූජාවකි. 25ඉන්පසු පූජකයා පාප පූජාවේ ලේ ස්වල්පයක් තම ඇඟිල්ලට ගෙන, දවන යාග පූජාසනයේ අංවල ගෑ යුතු ය. ඉතිරි ලේ, පූජාසනය පාමුල වත් කළ යුතු ය. 26ඔහු, ශාන්ති පූජාවේ මේදය දවා ලූ අයුරින් ම, මේදය සියල්ල පූජාසනය මත දවාලිය යුතු ය. මෙසේ ඒ මිනිසාගේ පාපය උදෙසා පූජකයා පාප වන්දි නිවාරණය ඉටු කරයි. මෙසේ ඔහුට කමා කෙරේ.
27“ ‘සාමාන්‍ය වැසියෙක්, ස්වාමින්වහන්සේගේ ආඥාවලින් එකකින් තහනම් කර ඇති දෙයක් කිරීමෙන්, නො දැනුවත් ව පව් කරයි නම්, ඔහු වරදකරුවකු වෙයි. 28ඔහුගේ පාපය ඔහුට දන්වනු ලැබූ කල, තමා කළ පාපය උදෙසා පූජාවක් කොට, ඔහු කැළැල් රහිත එළිච්චියක ගෙන ආ යුතු ය. 29එවිට ඔහු පාප පූජා සතාගේ හිස මත අත තබා, ඉන්පසු දවන යාග පූජා සතුන් මරන ස්ථානයේදී ඌ මැරිය යුතු ය. 30එවිට පූජකයා ලේ ස්වල්පයක් තම ඇඟිල්ලට ගෙන, දවන යාග පූජාසනයේ අං මත ඒ ලේ ගා, ඉතිරි ලේ, පූජාසනය පාමුල වත් කළ යුතු ය. 31ඉන්පසු, ශාන්ති පූජාවේ මේදය ඉවත් කරන පරිදි උගේ මුළු මේදය ඉවත් කොට, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජකයා ඒවා පූජාසනය පිට දවාලිය යුතු ය. මෙසේ පූජකයා, ඒ මිනිසා උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කරයි. එසේ ඔහුට කමා කෙරේ.
32“ ‘තම පාප පූජාව උදෙසා ඔහු ගෙනෙන්නේ බැටළු පැටවකු නම්, කැළැල් රහිත ගැහැනු සතකු ඔහු ගෙන ආ යුතු ය. 33ඔහු උගේ හිස මත අත තබා, ඉන්පසු දවන යාග පූජා සතුන් මරන ස්ථානයේදී පාප පූජාවක් වශයෙන් ඌ මැරිය යුතු ය. 34එවිට පූජකයා පාප පූජාවේ ලේ ස්වල්පයක් තම ඇඟිල්ලට ගෙන, දවන යාග පූජාසනයේ අං මත ඒවා ගා, ඉතිරි ලේ, පූජාසනය පාමුල වත් කළ යුතු ය. 35ඉන්පසු ශාන්ති පූජාවේ බැටළු පැටවාගේ මේදය ඉවත් කරන පරිදි, උගේ මුළු මේදය ඉවත් කොට, පූජාසනය මත ස්වාමින්වහන්සේට ගින්නෙන් පූජා කරන ලද පිදුම්වලට උඩින් තබා, දවාලිය යුතු ය. ඒ මිනිසා කර තිබූ පාප උදෙසා මෙපරිදි පූජකයා, පාප වන්දි නිවාරණය ඉටු කරයි. එසේ ඔහුට කමා කෙරේ.
Currently Selected:
ලෙවී 4: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.