YouVersion Logo
Search Icon

ලෙවී 4:13-21

ලෙවී 4:13-21 SCV

“ ‘මුළු ඉශ්‍රායෙල් සමාජය නොමග ගොස් පව් කරමින්, ස්වාමින්වහන්සේගේ සියලු ආඥාවලින් එකකින් තහනම් කර ඇති දෙයක් කළ විටෙක, ජන සමාජය ඒ ගැන නො දැන සිටිය ද, ඔවුහු වරදකරුවෝ වෙති. තමන් විසින් කරන ලද පාපය හැඳිනගත් කල, ඉශ්‍රායෙල් සභාව, පාප පූජාවක් වශයෙන් ගොන් වස්සකු ගෙනවුත්, හමුවීමේ කූඩාරම අබියසදී ඌ පිළිගැන්විය යුතු ය. ඉශ්‍රායෙල් සමාජයේ ප්‍රජා මූලිකයින් ස්වාමින්වහන්සේ ඉදිරිපිට වස්සාගේ හිස මත අත් තබා, ඉන්පසු, ස්වාමින්වහන්සේ ඉදිරිපිට වස්සා මරනු ලැබිය යුතු ය. ආලේප ලද පූජකයා ඉන්පසු, ගොන් වස්සාගේ ලේ ස්වල්පයක් හමුවීමේ කූඩාරම තුළට ගෙනවුත්, තම ඇඟිල්ල ලෙයේ බහා, ස්වාමින්වහන්සේ ඉදිරියේ ශුද්ධස්ථානයේ තිරය දෙසට හත් වාරයක් ඒ ලේ ඉසිය යුතු ය. ඉන්පසු ඔහු ස්වාමින්වහන්සේ අබියස හමුවීමේ කූඩාරම තුළ ඇති පූජාසනයේ අං මත ද ලේ ස්වල්පයක් තවරා, ඉතිරි ගව ලේ, හමුවීම් කූඩාරම් දොරටුව අසල වන දවන යාග පූජාසනය පාමුල වත් කළ යුතු ය. ඔහු උගේ මේදය සියල්ල ඉවත් කොට, පූජාසනය මත ඒවා දවාලිය යුතු ය. පාප පූජාවේ ගවයා සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ පරිදි ම, මේ ගවයාටත් කළ යුතු ය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කළ කල්හි, ඔවුන්ගේ පාප කමා කෙරේ. ඉන්පසු පූජකයා කඳවුරෙන් පිටතට ගවයා ගෙන ගොස්, පළමු ගවයා දවා ලූ අයුරින් ඌ දවාලිය යුතු ය. ජන සමාජය උදෙසා වූ පාප පූජාව එයයි.

Video for ලෙවී 4:13-21