ලෙවී 26
26
කීකරුවීමේ ඉටු විපාක
1“ ‘ඔබේ දේශයේ ඔබට දේව රූප සාදා නො ගන්න; පිළිම හෝ පූජා ගල් කුලුනු හෝ සිටුවා නො ගන්න; වන්දනාව සඳහා නෙළූ ගල් රූප ද තබා නො ගන්න. මන්ද මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය.
2“ ‘මගේ සබත් පවත්වමින්, මගේ ශුද්ධස්ථානයට ගෞරව දක්වන්න. මම ස්වාමින්වහන්සේ ය.
3“ ‘ඔබ, මගේ නියෝග අනුගමන කරමින්, මගේ ආඥාවලට කීකරු වීමට වග බලා ගතහොත්, 4මම නිසි කලට ඔබට වැසි වස්සන්නෙමි. එවිට මහ පොළොව එහි අස්වැන්න ද කෙත් වත්හි ගහ වැල ඒවායේ පලදාව ද උපද්ද වන්නේ ය. 5ඔබේ ගොයම් පෑගීම, මිදි අස්වනු කාලය දක්වා ද මිදි අස්වනු නෙළීම කුඹුරු වපුරන කාලය දක්වා ද දිගට ම පවතින්නේ ය. ඔබ රිසි සේ අහර ගනිමින්, ඔබේ දේශය තුළ සුරැකි ව වෙසෙනු ඇත.
6“ ‘ඔබේ දේශයට මම සාමය සලසන්නෙමි. බිය සැක නැතිව ඔබ නිදාගනු ඇත. රුදුරු සතුන් දේශයෙන් මම ඉවත් කරන්නෙමි. ඔබේ රට තුළ යුද අසිපත් ගැටෙනු නැත. 7ඔබ, ඔබගේ සතුරන් ලුහුබඳිනු ඇත. ඔබගේ අසිපත හමුවේ ඔවුන් ඇද වැටෙනු ඇත. 8ඔබගෙන් පස් දෙනෙක්, ඔවුන් සිය දෙනකු ද ඔබගෙන් සිය දෙනෙක් ඔවුන් දස දහසක් ද ලුහුබඳිති. ඔබේ සතුරන් ඔබ ඉදිරියේ ඔබගේ අසිපත් පහරින් ඇද වැටෙනු ඇත.
9“ ‘මම ඔබ වෙත ප්‍රසාදය පා, ඔබ සඵල කොට, ගණනින් ඔබ වැඩි කරන්නෙමි. මම ඔබ සමඟ මගේ ගිවිසුම ස්ථිර කරන්නෙමි. 10අලුත් අස්වනු රැස් කර තබනට ඉඩකඩ ලබා ගන්නට, එතෙක් ඔබ පරිභෝජනයට ගත් කලින් වසරේ පලදාව ඉවතලන්නට තරම් ඔබට සරුවනු ඇත. 11මම මගේ වාසස්ථානය ඔබ මධ්‍යයේ තබන්නෙමි; මම ඔබ පිළිකුල් නො කරන්නෙමි. 12මම ඔබ අතරේ ගැවසෙමින්, ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔබ මගේ ජනයා වන්නහු ය. 13තවදුරටත් ඔබ ඊජිප්තුවරුන්ගේ වහලුන් නො වන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ වියගහේ බැඳුම් බිඳ, හිස කෙළින් තබා ගමන් කරන්නට ඔබට සවිබල දුනිමි.
අකීකරුවීමේ දඬුවම්
14“ ‘එහෙත් ඔබ මට සවන් නො දෙන්නේ නම් හා මේ සියලු ආඥා නො පිළිපදින්නේ නම්, 15මගේ නියෝග ප්‍රතික්ෂේප කර, මගේ නියමයන් පිළිකුල් කර, මගේ සියලු ආඥා පිළිපැදීම අතපසු කර, එපරිදි මගේ ගිවිසුම කඩ කරන්නේ නම්, 16මම ඔබට මෙසේ කරමි: ඔබේ ඇස් පෙනීම විනාශ කරන, ඔබේ සිරුර දිරා යවන හානිකර රෝග හා උණ රැගත් හදිසි භීතියක් මම ඔබ පිට එවන්නෙමි. ඔබ නිෂ්-ප්‍රයෝජනයේ බීජ වපුරනු ඇත. මන්ද ඔබේ සතුරන් ඒවා කා දමනු ඇත. 17මම මගේ මුහුණ ඔබට එරෙහිව හරවමි. ඔබේ සතුරන් විසින් ඔබ පරදවනු ඇත. ඔබට වෛර කරන්නන්, ඔබේ පාලකයින් වනු ඇත. කිසිවකු ඔබ පසු පස ලුහුබඳිනු නැතිවත්, ඔබ පලා දුවනු ඇත.
18“ ‘මේ සියල්ල සිදු වූ පසු වුව ද, ඔබ මට සවන් නො දෙන්නේ නම්, මම ඔබේ පාපවලට හත් ගුණයකින් දඬුවම් කරන්නෙමි. 19ඔබගේ මුරණ්ඩු අහංකාරය මම බිඳලන්නෙමි. ඔබට ඉහළින් අහස යකඩ සේ ද ඔබට පහළින් පොළොව ලෝකඩ සේ ද දැඩි කරන්නෙමි. 20ඔබගේ ශක්තිය නිකරුණේ වැය වී යනු ඇත. මන්ද ඔබගේ භූමිය එහි අස්වැන්න උපදවා දෙන්නේ නැත; දේශයේ ගහ වැල ඒවායේ පලදාව නිපදවා දෙන්නේ ද නැත.
21“ ‘ඔබ මට එරෙහිව සිටිමින්, මට සවන් දීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබේ පාපවලට හිමි පීඩා, හත් ගුණයකින් වැඩි කරන්නෙමි. 22මම ඔබට එරෙහිව, වන මෘගයින් එවන්නෙමි; උන් ඔබේ දරුවන් ඩැහැගෙන, ඔබේ ගවයින් වනසා, ඔබේ මං මාවත් පාළුවට යන තරමට ඔබේ ජනගහනය ද අල්පයක් කර දමනු ඇත.
23“ ‘මේ සියල්ල නො තකා, මගේ දඬුවම මගින් මා වෙතට නො හැරී ඔබ මට විරුද්ධ ව ම සිටින්නේ නම්, 24මමත්, ඔබට විරුද්ධ ව සිටිමින්, ඔබේ පව්වලට හත් ගුණයකින් දඬුවම් කරන්නෙමි. 25ගිවිසුම කඩ කිරීමේ පළිය ගැනීමට මම යුද්ධයේ අසිපත නුඹ පිට එවන්නෙමි. නුඹලාගේ නගර තුළට නුඹලා පසුබැස්ස කල, මම නුඹලා අතරට වසංගතයක් එවන්නෙමි. නුඹලා සතුරු අත්වලට හසුකර දෙනු ලබන්නහු ය. 26ඔබගේ ආහාර සැපයුම මම කපා හරින්නෙමි. එවිට ස්ත්‍රීන් දහ දෙනෙක් එක උදුනක ඔබේ අහර පිසිමින් ඔබ එකිනෙකාට සොච්චමක් කිරා දෙනු ඇත. ඔබ අනුභව කරන නමුදු කුස ගිනි නො නිමෙනු ඇත.
27“ ‘මේවා ද නො තකා, තවදුරටත් මට සවන් නො දී, දිගට ම මට එරෙහිව සිටියහොත්, 28මම කෝපයෙන් ඔබට එදිරි ව ඔබේ පව්වලට හත් ගුණයකින් ඔබට දඬුවම් කරන්නෙමි. 29ඔබ, ඔබේ පුතුන්ගේ මාංසත්, දූවරුන්ගේ මාංසත් කනු ඇත. 30මම ඔබේ උස් තැන් පුදසුන් විනාශ කරන්නෙමි. සුවඳ දුම් පුදසුන් බිඳ දමන්නෙමි. ඔබේ දේව පිළිම මළ කඳන් මත මම ඔබේ මළ කඳන් ගොඩ ගසන්නෙමි. මම ඔබ පිළිකුල් කරන්නෙමි. 31මම ඔබේ පුරවර ජරාවාස බවට හරවා, ඔබේ ශුද්ධස්ථාන නටඹුන් බවට පත් කරමි. ඔබේ පූජාවල මිහිරි සුවඳ මට ප්රමෝදයක් නො වන්නේ ය. 32ඔබේ දේශයේ පදිංචි වන ඔබේ සතුරන් විස්මපත් වන තරමට මම ඔබේ දේශය පාළු කර දමන්නෙමි. 33මම ජාතීන් අතරේ ඔබ විසුරුවා දමන්නෙමි. මම මගේ අසිපත ඇද, ඔබ ලුහුබඳින්නෙමි. ඔබේ දේශය පාළු වන්නේ ය. ඔබේ පුරවර නටඹුන් ව වැතිර සිටිනු ඇත. 34එසේ පාළුවට ඇරී තිබෙන කාලය මුළුල්ලේ දේශය, එහි සබත් අවුරුදු භුක්ති විඳිනු ඇත. ඔබ ඔබේ සතුරන්ගේ රටේ විප්‍රවාස ව ගත කරනු ඇත. එවිට දේශය විවේකය ලැබ, එහි සබත් භුක්ති විඳිනු ඇත. 35ඔබ දේශයේ විසූ සමයේ, සබත් අතර තුර දේශය නො ලද විවේකය, එය පාළුවට ඇරුණු කාලය මුළුල්ලේ ඊට ලැබෙනු ඇත.
36“ ‘නුඹලාගෙන් තවමත් ජීවත් ව සිටිනවුනට සතුරු රටේදී, කොළයක් සුළඟට වැටෙන හඬින් පවා තැති ගෙන, පලා දුවන්නට සිදුවන තරමට ඔවුන්ගේ හදවත් මම භයට පත් කරමි. කිසිවකු විසින් ලුහුබඳිනු නැති විටෙක පවා, ඔවුහු යුද අසිපත වෙතින් පලා දුවන්නා සේ, දුව ගොස්, වැටෙන්නෝ ය. 37කිසිවකුදු ලුහුබඳිනු නැතිව යුද අසිපත වෙතින් පලා දුවන්නා සේ දුව යන ඔවුන් එකා පිට එකා වැටෙනු ඇත. මෙසේ නුඹලාගේ සතුරන් ඉදිරියේ නැගිට සිටගන්නට නුඹලාට හැකි නො වන්නේ ය. 38ජාතීන් අතරේ නුඹලා විනාශ වී යන්නහු ය. නුඹලාගේ සතුරන්ගේ දේශය විසින් නුඹලා කා දමනු ලබන්නහු ය. 39ඒ වන තුරුත් ජීවත් ව සිටින්නෝ තමන්ගේ පාප හා තම පියවරුන්ගේ පාප නිසා, ඔවුන් වෙසෙන සතුරු දේශ දේශයන්හි දී නැති නාස්ති වී යන්නෝ ය.
40“ ‘එහෙත්, ඔවුන් තමන්ගේ පාප ද තම පියවරුන්ගේ පාප ද කියා පෑවහොත්, මට එරෙහිව වූ ඔවුන්ගේ ද්‍රෝහිකමත්, මා වෙත වූ ඔවුන්ගේ එදිරිවාදිකමත් නිසා, 41ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පලවා හරින්නට ඔවුන්ට එරෙහිව මගේ විරෝධය නැගුණේ ය. හදවතින් චර්මඡේද නො වූ ඔවුන් යටහත් ව, තම පාප පිළිගන්නේ නම්, 42මම යාකොබ් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ඊසාක් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි. මම දේශය ද යළි සිහි කරන්නෙමි. 43එහෙත් ඔවුන් නොමැතිව දේශය පාළු ව ඇති කාලයේ දේශය ඔවුන් විසින් අත්හරිනු ලැබ, එහි සබත් විශ්‍රාමය භුක්ති විඳිනු ඇත. මන්ද, ඔවුන් මගේ නියමයන් ප්‍රතික්ෂේප කොට, මගේ නියෝග පිළිකුල් කළ හෙයින් ඔවුන්ගේ පාප ගැන වන්දි ගෙවනු ඇත. 44එය එසේ වන නමුදු ඔවුන් තම සතුරන්ගේ දේශයේ වසන කල, ඔවුන් සමඟ ඇති මගේ ගිවිසුම බිඳලමින්, ඔවුන් සහමුලින් විනාශ කර දමන පිණිස ඔවුන් ප්‍රතික්ෂේප නො කරමි. පිළිකුල් නො කරමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය. 45එහෙත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මා විසින් ඊජිප්තුවෙන් පිටතට ගෙන ආ ඔවුන්ගේ ආදි පියවරුන් සමඟ වන ගිවිසුම මම ඔවුන් උදෙසා සිහි කරන්නෙමි. මම ස්වාමින්වහන්සේ යැ’ යි” පැවසූ සේක.
46 ස්වාමින්වහන්සේ, සීනයි කන්දේදී තමන්වහන්සේ සහ ඉශ්රායෙල් ජනයා අතර මෝසෙස් මගින් පිහිටුවනු ලැබූ නියෝග, නියමයන් සහ නීති මේවා ය.
Currently Selected:
ලෙවී 26: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: