ලෙවී 24:1-4
ලෙවී 24:1-4 SCV
තවද ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, ආලෝකය සඳහා පහන් නිතර ම දැල් වී තිබෙන ලෙසට ඔලීව කොටා, සිඳගත්, පිරිසිදු තෙල් ඔබ වෙත ගෙනෙන්නට ඉශ්‍රායෙල් ජනයාට අණ කරන්න. ආරොන් විසින් මෙම පහන්, හමුවීමේ කූඩාරමේ ගිවිසුම් කරඬු තිරයට පිටතින් ස්වාමින්වහන්සේ ඉදිරියේ සවස සිට උදය දක්වා එක දිගට ම දල්වා තැබිය යුතු ය. පරපුරින් පරපුරට මෙය සදාතනික නියෝගයකි. අමිශ්‍ර රන් පහන් රුක මත ඇති පහන්, ස්වාමින්වහන්සේ ඉදිරියේ නොකඩව දල්වා තිබිය යුතු ය.


