ලෙවී 14
14
කුෂ්ඨ රෝගයෙන් පවිත්‍ර වීම
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“කුෂ්ඨ රෝගියකු සුවපත් ව, පූජකයා වෙත ඔහු ගෙනෙනු ලැබ, පවිත්‍ර වන දවසේ ඔහුට අදාළ නියමයන් මෙසේ ය. 3පූජකයා කඳවුරෙන් පිටතට ගොස්, ඔහු පිරික්සිය යුතු ය. එවිට, කුෂ්ඨ රෝගයෙන් ඔහු සුවය ලබා සිටී නම්, 4ඔහුගේ පවිත්‍ර වීම උදෙසා, පණ ඇති පවිත්‍ර පක්ෂීන් දෙදෙනකු ද දේවදාර ලීදඬු ද රතු නූල් සහ හිසොප් ඉත්තක් ද ගෙනෙන ලෙස පූජකයා නියෝග කළ යුතු ය. 5ඉන්පසු පූජකයා එම පක්ෂීන් දෙදෙනාගෙන් එකකු ගලා යන ජලයෙන් යුතු මැටි බඳුනකට ඉහළින් මරන්නට නියෝග කළ යුතු ය. 6ඉන්පසු ඔහු, පණ ඇති අනෙක් පක්ෂියා සමඟ දේවදාර ලී ද රතු නූල් ද හිසොප් ද ගෙන, ගලා යන ජලයට ඉහළින් මරනු ලැබූ පක්ෂියාගේ ලේවල ඒවා ගිල්වා, 7කුෂ්ඨ රෝගයෙන් පවිත්‍ර වීමට සිටින අයට ද ඒ ලේ හත් වරක් ඉසිය යුතු ය. ඉන්පසු ඔහු, පණ පිටින් සිටින පක්ෂියා එළිමහනෙහි මුදා හළ යුතු ය.
8“පවිත්‍ර වීමට සිටින්නා, තමන් හැඳිවත් සෝදා, මුළු හිසකේ මුඩු කොට, දියෙහි බැස නා ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වේ. කඳවුර තුළට ඔහුට ආ හැක්කේ ඉන්පසුව ය. එහෙත්, හත් දවසක් ගත වන තෙක් ඔහු තම කූඩාරමින් පිටත සිටිය යුතු ය. 9හත් වන දවසේ ඔහු තමාගේ රෝම සියල්ල හෙවත් තම හිසකේ ද රැවුල ද ඇහිබැම ද ගතෙහි රෝම ද බූ ගෑ යුතු ය. ඔහු තම ඇඳිවත් ද සෝදා, දියෙහි බැස නා ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වේ.
10“අට වන දවසේ ඔහු, කැළැල් රහිත පිරිමි බැටළු පැටවුන් දෙදෙනකු ද කැළැල් රහිත එක් අවුරුදු ගැහැනු බැටළු පැටවියක ද ඒ සමඟ ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ඒෆාවකින් දසයෙන් තුන් කොටසක් හා තෙල් හුණ්ඩුවක් ද ගෙන ආ යුතු ය. 11එවිට ඔහු පවිත්‍ර වග ප්‍රකාශ කරන පූජකයා, පවිත්‍ර වීම ලබන්නා ද ඔහුගේ පූජා ද හමුවීමේ කූඩාරම් දොරකඩදී ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙන ආ යුතු ය.
12“පූජකයා බැටළු පැටවුන්ගෙන් එකකු ගෙන, වරද නිවාරණ පූජාවක් වශයෙන් තෙල් හුණ්ඩුවක් ද සමඟ ඌ ඔප්පු කළ යුතු ය. ඔහු ඒවා තේව කිරීමේ පූජාවක් වශයෙන්, ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කළ යුතු ය. 13ශුද්ධස්ථානයේ පාප පූජා සහ දවන යාග පූජා මරන තැනදී ඔහු එම බැටළු පැටවා මැරිය යුතු ය. පාප පූජාව සේ ම, වරද නිවාරණ පූජාවත් අයිති පූජකයාට ය. එය අතිශුද්ධ ය. 14පූජකයා, වරද නිවාරණ පූජාවේ ලේ ස්වල්පයක් ගෙන, පවිත්‍ර කරනු ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද ගෑ යුතු ය. 15ඉන්පසු පූජකයා තෙල් හුණ්ඩුවෙන් ස්වල්පයක් ගෙන, තමාගේ ම වම් අත්ලට වත් කොට, 16දකුණු අතේ දබරැඟිල්ල, වමත් අල්ලේ තෙලෙහි බහා, ස්වාමින්වහන්සේ අබියසට හත් වරක් ඇඟිල්ලෙන් තෙල් ඉසිය යුතු ය. 17ඉන්පසු පූජකයා, තම අත්ලේ ඉතිරි ව ඇති තෙල් ස්වල්පයක් ගෙන, පවිත්‍ර වීම ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද වූ වරද නිවාරණ ලේ පිට ඒවා ගෑ යුතු ය. 18පූජකයා, තම අත්ලේ ඉතිරි ව ඇති තෙල්, පවිත්‍ර වීම ලබන්නාගේ හිසේ ගෑ යුතු ය. මෙසේ පූජකයා, පවිත්‍ර වීම ලබන්නා උදෙසා, ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය සලසයි.
19“ඉන්පසු පූජකයා, පවිත්‍ර වීම ලබන්නාගේ අපවිත්‍රතාවෙන්, ඔහු පවිත්‍ර කිරීමේ පාප වන්දි නිවාරණය සලසමින්, පාප පූජාව යාග කළ යුතු ය. ඉන් අනතුරුව පූජකයා, දවන යාග පූජා සතා මරා, 20ධාන්‍ය පූජාව සමඟ එය පූජාසනය මත ඔප්පු කරමින්, ඔහු උදෙසා පාප වන්දි නිවාරණය සැලසිය යුතු ය. එවිට ඔහු පවිත්‍ර වන්නේ ය.
21“කෙසේ වෙතත්, ඔහු දුගියකු නිසා ඒ දෑ සැපයිය නො හැකි නම්, ඔහු, තමා උදෙසා පාප වන්දි නිවාරණය සැලසීමට, වරද නිවාරණ පූජාවක් වශයෙන් තේව කිරීම සඳහා එක් (පිරිමි) බැටළු පැටවකු ද සමඟ ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ඒෆාවකින් දහයෙන් කොටසක් ද තෙල් හුණ්ඩුවක් ද 22තමාට සපයාගත හැකි පරිදි පරෙවියන් හෝ කොබෙයි පැටවුන් හෝ දෙදෙනකු ගෙනා යුතු ය. ඉන් එකකු පාප පූජාව සඳහා ය. අනෙකා දවන යාග පූජාව සඳහා ය.
23“අට වන දවසේ ඔහු, තම පවිත්‍ර වීම සඳහා, ස්වාමින්වහන්සේ අබියස හමුවීමේ කූඩාරම් දොරකඩට පූජකයා වෙත ඒවා ගෙන ආ යුතු ය. 24පූජකයා වරද නිවාරණ බැටළු පැටවා ගෙන, තෙල් හුණ්ඩුවක් ද සමඟ තේව කිරීමේ පූජාවක් වශයෙන් ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කළ යුතු ය. 25පූජකයා, වරද නිවාරණ පූජාවේ බැටළු පැටවා මරා, උගේ ලේ ස්වල්පයක් ගෙන, පවිත්‍ර වීම ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද ගෑ යුතු ය. 26පූජකයා තෙල් ස්වල්පයක් තම වම් අත්ලට වත් කොට, 27තම දකුණු අතේ දබරැඟිල්ලෙන් ස්වාමින්වහන්සේ ඉදිරියට හත් වරක් තෙල් ඉසිය යුතු ය. 28ඉන්පසු ඔහු තම අත්ලේ ඇති තෙලින් ස්වල්පයක්, පවිත්‍ර වීම ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද යන වශයෙන් වරද නිවාරණ පූජා ලේ ගෑ තැන්හි ගෑ යුතු ය. 29පූජකයා ඉන් අනතුරුව, පවිත්‍ර වීම ලබන්නා උදෙසා පාප වන්දි නිවාරණය සලසමින් තම අත්ලේ ඉතිරි ව ඇති තෙල් ඔහුගේ හිසේ ගැල්විය යුතු ය. 30ඉන්පසු ඔහුට සැපයිය හැකි ව තිබූ ලෙස, පරෙවියන් හෝ කොබෙයි පැටවුන් පූජකයා විසින් යාග කළ යුතු ය. 31ඉන් එකකු පාප පූජාවක් වශයෙනි; අනෙකා ධාන්‍ය පූජාවක් සමඟ දවන යාග පූජාවක් වශයෙනි. මෙපරිදි පූජකයා, පවිත්‍ර වීම ලබන්නා උදෙසා ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය සලසන්නේ ය.”
32තම පවිත්‍ර වීම සඳහා නියමිත පූජා සපයාගත නො හැකි, කුෂ්ඨ රෝගයෙන් සුවය ලද්දවුන්ට අදාළ නියෝග ඒවා ය.
අපවිත්‍ර කරන කුෂ්ඨයෙන් පවිත්‍ර කරනු ලැබීම
33 ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, 34“ඔබගේ උරුමය වශයෙන් මා ඔබට දෙන කානාන් දේශයට ඔබ පිවිසි කල, ඒ දේශයේ යම් නිවසකට පැතිරෙන කුෂ්ඨ රෝගයක් මා පැමිණ වුවහොත්, 35එම නිවෙස් හිමියා පූජකයා වෙත ගොස්, ‘කුෂ්ඨ රෝගයක් වැනි යමක් මගේ නිවසේ තිබෙනු මම දිටිමි’ යි පැවසිය යුතු ය. 36පූජකයා එහි කුෂ්ඨ රෝගය පිරික්සීමට යන්නට පළමු, නිවස හිස් කරන්නට අණ කළ යුතු ය. එසේ කරන්නේ, ගෙතුළ ඇති කිසිවක් අපවිත්‍ර බවට ප්‍රකාශ නො වන පිණිස ය. පූජකයා ඒ නිවසට පිවිස, එය පිරික්සිය යුත්තේ ඉන් අනතුරුව ය. 37ඔහු බිත්තිවල රෝගය පිරික්සිය යුතු ය. එවිට බිත්තියේ කොළ පැහැ හෝ රත් පැහැ ලප බිත්ති මතු පිටට වඩා පහත් ව හෑරී ඇති වග පෙනේ නම්, 38ඔහු ගෙයින් පිටතට ගෙයිදොර වෙත අවුත්, හත් දවසක් එය වසා තැබිය යුතු ය. 39පූජකයා හත් වන දවසේ ඒ නිවස පිරික්සීමට ආපසු යා යුතු ය. එකල කුෂ්ඨය, බිත්තිවල පැතිර ඇත්නම්, 40බිත්තියේ එසේ කුෂ්ඨයෙන් අපවිත්‍ර වූ කොටසේ ගල් ගලවා, නගරයෙන් පිටත අපවිත්‍ර තැනකට දමන්නට අණ කළ යුතු ය. 41තවද, නිවසේ ඇතුළු බිත්ති මුළුමනින් ම සූරා, එසේ සූරන ලද ද්‍රව්‍ය ද නගරයෙන් පිටත අපවිත්‍ර තැනකට ගොස් දමන්නට සැලසිය යුතු ය. 42ඉන්පසු, ගැලවූ ගල් වෙනුවට අලුත් ගල් යොදා, අලුත් බදාම ගෙන, ගෙය කපරාරු කළ යුතු ය.
43“එලෙස ගල් ගලවා, බිත්ති සූරා, නැවත කපරාරු කළ පසු, යළිත් ගෙතුළ රෝගය මතු වේ නම්, 44පූජකයා එහි ගොස්, එය පිරික්සිය යුතු ය. නිවසේ රෝගය පැතිර තිබේ නම්, එය සැර කුෂ්ඨයකි. ඒ නිවස අපවිත්‍ර ය. 45එය කඩා දැමිය යුතු ය. එහි ගල් ද ලී ද කපරාරු-බදාම සියල්ල ද කඩා, නගරයෙන් පිටත අපවිත්‍ර තැනකට දැමිය යුතු ය.
46“නිවස වසා තිබූ අතර තුර එහි ඇතුළු වන කවරකු වුව සවස දක්වා අපවිත්‍ර වේ. ඒ නිවසේ නිදාගන්නා හෝ 47එහිදී අහර ගන්නා කවරකු වුව තමන් හැඳිවත් සෝදා ගත යුතු ය.
48“අනෙක් අතට, බිත්ති අලුතින් කපරාරු කළ පසු පූජකයා නිවස පිරික්සන කල, රෝගය පැතිර නොමැති නම්, නිවස පවිත්‍ර යැයි පූජකයා ප්‍රකාශ කළ යුතු ය. මන්ද එහි වූ රෝගය පහව ගොස් ඇති බැවිනි. 49නිවස පවිත්‍ර කිරීම සඳහා පක්ෂීන් දෙදෙනකු ද දේවදාර ලී ද රතු නූල් සහ හිසොප් ඉත්තක් ද ගත යුතු ය. 50පූජකයා, පක්ෂීන් දෙදෙනාගෙන් එකකු, ගලා යන ජලයෙන් යුතු මැටි බඳුනකට ඉහළින් මැරිය යුතු ය. 51ඉන්පසු ඔහු දේවදාර ලී, හිසොප් හා රතු නූල් ද පණ පිටින් සිටින පක්ෂියා ද ගෙන, මළ පක්ෂියාගේ ලේ සහිත ජලයෙහි ගිල්වා, හත් වරක් නිවසට ඉසිය යුතු ය. 52මෙසේ, පක්ෂියාගේ ලෙයින් ද ගලා යන ජලයෙන් ද පණ ඇති පක්ෂියාගෙන් ද දේවදාර ලී හිසොප් හා රතු නූලින් ද ඒ නිවස පවිත්‍ර කර, 53පණ පිටින් සිටින පක්ෂියා නගරයෙන් පිටත එළිමහන් තැනකදී මුදා හළ යුතු ය. මේ අයුරින් ඔහු ඒ නිවස උදෙසා පාප වන්දි නිවාරණය සලසයි. ඒ නිවස ද පවිත්‍ර වේ යැ” යි පැවසූ සේක.
54මෙම නියමයන් කුෂ්ඨ රෝගයකදී ද හොරි දැමීමකදී ද 55ඇඳුමක හෝ නිවසක හෝ කුෂ්ඨය හට ගැනීමකදී ද 56ඉදිමුමකදී, පලු දැමීමකදී හෙවත් ලප ඇති වීමකදී ද 57එමඟින් අපවිත්රවීම හා පවිත්‍ර වීම නිශ්චය කිරීමට අදාළ වේ.
කුෂ්ඨ රෝග පිළිබඳ නියමයන් ඒවා ය.
Currently Selected:
ලෙවී 14: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: