YouVersion Logo
Search Icon

විලාප ගී 3:46-66

විලාප ගී 3:46-66 SCV

“අපේ සියලු සතුරන් අපට එරෙහිව මුව අයාගෙන ය. භීතිය හා මර උගුල් ද වැනසීම හා විනාශය ද අප පිට පැමිණ ඇත.” මගේ ජනයා වූ දියණියගේ විනාශය නිසා මගේ දෑසින් කඳුළු ගංගා ගලයි. නො නැවත, නිරතුරු ව මගේ ඇස්වලින් කඳුළු ගලන්නේ, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහත බලා, දකින තෙක් ය. මගේ පුරවරයේ කාන්තාවන්ගේ දුක්ඛිත ඉරණම දකින විට මා සිත් කම්පා වේ. හේතුවක් නැතිව ම මට සතුරු වූවෝ, කුරුලු දඩයමක් සේ මා කොටු කර ගත්හ. පණ පිටින් මා වළක හෙළූ ඔවුහු මා පිට ගල් හෙළූහ. ජලය මගේ ඉහට උඩින් ගලා ගියෙන්, “ඉතින් මා ඉවර යැ” යි මම සිතීමි. නරාවළේ ගැඹුරේ සිට අහෝ ස්වාමින්වහන්ස, මම ඔබගේ නාමය කියා කෑ ගැසුවෙමි. මගේ යැදුම ඔබ ඇසූ සේක: උදවු ඉල්ලා මා හඬ ගසන කල, ඔබගේ කන් වසා නො ගත මැනව. මා හඬ ගැසූ කල, මට ළං වූ ඔබ, “භය නො වන්නැ” යි කී සේක. අහෝ සමිඳුනි, ඔබ මා උදෙසා කරුණු කී සේක්, මගේ ජීවිතය මුදා ගත් සේක. අහෝ ස්වාමින්වහන්ස, මට කරන ලද අසාධාරණය ඔබ දුටු සේක; මට යුක්තිය ඉටු කර දුන මැනව. ඔවුන්ගේ සියලු පළිගැනීම් ද මට එරෙහි ඔවුන්ගේ සියලු කුමන්ත්‍රණ ඔබ දුටු සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔවුන්ගේ අවලාද, මට එරෙහි ඔවුන්ගේ සියලු කුමන්ත්‍රණ, මගේ සතුරන් මට එරෙහිව දවස මුළුල්ලේ කොඳුරමින්, නැගූ මැසිවිලි ඔබ ඇසූ සේක. බැලුව මැනවි, හිඳ ගත්ත ද සිට ගත්ත ද ඔවුන් කරන්නේ තම කවි සින්දුවලින් මට සරදම් කිරීම ය. ඔවුන් තම අත්වලින් කළ දෑට හිමි නිසි දඬුවම් ඔවුන්ට දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස. ඔවුන්ගේ හදවත් ගල් කළ මැනව; ඔබගේ ශාපය ඔවුන් පිට වේවා! කෝපයෙන් ඔවුන් ලුහුබැඳ ගොස්, ස්වාමින්වහන්සේගේ අහස යටින් ඔවුන් අතු ගා දැමුව මැනව.

Video for විලාප ගී 3:46-66

Free Reading Plans and Devotionals related to විලාප ගී 3:46-66