විලාප ගී 3:1-4
විලාප ගී 3:1-4 SCV
ස්වාමින්වහන්සේගේ උදහසේ ඉපලෙන් දුක් පීඩා අත්දුටු මිනිසා මා ය. උන්වහන්සේ ඉවතට මා පලවා හැර, ආලෝකයක් නැති, අන්ධකාරයෙහි මට ඇවිදින්නට සැලසූ සේක. සැබවින් ම උන්වහන්සේ දවස මුළුල්ලේ යළි යළිත් මට එරෙහිව තම හස්තය එසවූ සේක. උන්වහන්සේ මගේ හමත්, මගේ මසත් දිරා යන්නට සැලසූ සේක්, මගේ ඇටකටු බිඳ දැමූ සේක.





