විලාප ගී 1:7-8
විලාප ගී 1:7-8 SCV
ඉහත පටන් තමන් සතු ව තිබූ සියලු යස ඉසුර ගැන, පීඩාවේ හා මංමුළාවේ දවස්හි දී යෙරුසලම සිහිකරන්නට වන්නී ය. ඇගේ ජනයා සතුරු අත්වලට හසු වූ කල, ඇයට පිහිට වන්නට කෙනකු සිටියේ නැත. ඇගේ සතුරෝ ඇය දෙස බලා, ඇගේ විනාශයේදී ඇයට සමච්චල් කළහ. යෙරුසලම බරපතළ ලෙස පව් කළා ය; එසේ ඇය අපවිත්‍ර ව ඇත. ඇයට ගෞරව කළ සියල්ලෝ, ඇගේ නග්නත්වය දුටු නිසා දැන් ඇය හෙළා දකිති. ඈ හුදකලාව හූල්ලමින්, මුහුණ සඟවාගන්නී ය.





