යෝෂුවා 1:7-8
යෝෂුවා 1:7-8 SCV
“උදක් ම ශක්තිමත් වන්න; වඩා ධෛර්යවත් වන්න. මගේ සේවක මෝසෙස් ඔබට අණ කළ මුළු ව්‍යවස්ථාවට කීකරු වන්නට වග බලා ගන්න; ඔබ යන කොතැනක වුව, ඔබ සඵල වන පිණිස, එයින් දකුණු අතටවත්, වමටවත් නො හැරෙන්න. මේ ව්‍යවස්ථා පොත, ඔබේ මුවෙන් පහවන්නට ඉඩ නො දෙන්න; ඒ තුළ ලියා ඇති සියල්ල කරන්නට වග බලාගන්නා පිණිස, දිවා රැයේ එය මෙනෙහි කරන්න. එවිට ඔබ ඔබේ මාර්ගය සමෘද්ධ කර ගන්නවා ඇත. මෙසේ ඔබ සඵලවත් වනු ඇත.










